May 05, 2024

දළදා මැදුර උඩින් ගිය නරේන්ද්‍ර මෝදිගේ ගුවන් යානා ලෙඩවෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී ලංකාවේ සංචාරයක නිරත වුණා.

ඔහුගේ  ආරක්ෂාවට පැමිණි එරට ආරක්ෂක අංශයට අයත් විශේෂ හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝශයකට ලක්ව තිබෙනවා. අදාල යානා දෙක අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ නවතා තිබෙන බව සඳහන් වෙනවා.

යානා දෙක අලුවැඩියා කිරීමට ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයන් උත්සහ කළද එය සාර්ථක වී නැහැ.

අදාල යානා දෙකේ ඇති ගැටලුව මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඉන්දීය ගුවන් හමුදා නිළධාරින් ඒ පිළිබදව ඔවුන්ගේ බළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

යානා දෙක අලුත්වැඩියා කිරීමට අවශ්‍ය උපාංග හා කාර්මිකයන් ඉන්දියාවෙන්  මෙරටට ගෙන්වා ගැනෙනවා.

අස්ගිරිය ක්‍රීඩාංගණයේ ඇති මෙම යානා දෙකට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම ඉන්දීය විශේෂ ආරක්ෂක ගුවන් යානා මහනුවර අහසේ පියාසර කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා. දළදා සමිඳුන් වැඩසිටින මාළිගාවේ රන් වියනට උඩින් හෝ දළදා මාලිගාවට ඉහලින් ගුවනේ කිසිදු යානාවක් ගමන් නොකිරීමේ පෞරාණික සම්ප්‍රදායක් ඇතැයි මහනුවර වැසියන් පවසනවා.

එමෙන්ම එලෙස ගමන් කරන යානා අනතුරුවලට ලක්වෙන බවට මතයක් ඇති බව  ඔවුන් සඳහන් කරනවා.

Rate this item
(5 votes)