May 04, 2024

රාජ්‍ය ඡායාරූප උළෙලට නිර්මාණ බාරගැනීමේ දින දීර්ඝ කරයි

2017 වර්ෂයේදී දෙවන වරටත් සංවිධානය කරන ‘රාජ්‍ය ඡායාරූප උළෙල’ සඳහා නිර්මාණ බාරගන්නා අවසන් දිනය 2017 මැයි 15 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ව පවත්වනු ලබන මෙම උළෙල සඳහා ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට සහභාගි විය හැකියි.

අවශ්‍ය අයදුම්පත් සහ තරඟ විස්තර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකි අතර www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් ද අයදුම්පත් download කරගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.

ජීවන රටා සහ සංස්කෘතිකාංග, සොබාදහම, වනජීවී සහ භූමිදර්ශන, ජනමාධ්‍ය, ප්‍රවෘත්ති සහ ක්‍රීඩා, මංගල අවස්ථා සහ විවෘත අංශය යනුවෙන් තරග අංශ පහක්  යටතේ උළෙල පැවැත්වෙන අතර රාජ්‍ය ඡායාරූප ප්‍රවර්ධන අංශයේ 0114327597 දුරකථන අංකයට ඇමතීමෙන් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගත හැකියි

Rate this item
(2 votes)