May 04, 2024

රියදුරු වරදින් මල් කැකුලක් මැලවේ

මේ දිනවල අසන්නට ලැබෙන රිය අනතුරු ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.

අත්තනෝමතික රියදුරන්ගේ ක්‍රියාකලාපයට වන්දි ගෙවන්නේ අහිංසක හයක් හතරක් නොතේරන දරුවන් ය.

ගලේවෙල තලකිරියාගම විහාරස්ථානය ඉදිරි පිට පදික මාරුවෙන් ගමන් ගනිම්න් සිටි සිල් සමාදම්ව සිටි නව හැවිරිදි වර්ණිත යසෝභ ජයසුරිය යතුරු පැදියක හැපී තුවාල ලබා රෝහල් ගතව සිටියදී ඊයේ (12) මියගොස් තිබෙනවා.

වෙසක් පොහෝ දින සිය මිත්තනිය සමග පන්සලේ සිල් සමාදම්වී සිටි දරුවා විහාරස්ථානයේ දාගැබ ලඟ සිට දානය ගැනීම සදහා ‍ප්‍ර‍ධාන මාර්ගයේම අනෙක් පස පිහිටි පන්සලට පදික මාරුවෙන් ගමන් කරද්දී වේගයෙන් පැමිණි යතුරු පැදියක් පදික මාරුව මැද ගමන් කරමින් සිටි දරුවා හැපී ඇත .

මෙම අනතුර සිදුව ඇත්තේ එම ස්ථානයේ සේවයේ සිටි කාන්තා පොලිස් නිලධාරිනිය වාහන නවතන ලෙස සලකුණු පෙන්වා තිබියදීය.

මේ දරුවාගේ මව ගුරුවරියකි .පියා පොලිස් නිලධාරියකි. 

 

Rate this item
(1 Vote)