May 04, 2024

වේදනා නාශක ගන්නේ පරිස්සමින්

ඕනෑම වේදනාවකට අපි වේදනා නාශක ලබාගන්නවා. එත් ඔබ දන්නවද එයින් ඔබේ ශරීරයට සිදුවන හානිය කෙතරම් ද යන වග. 

ඉබුප්‍රොෆෙන් වැනි ප්‍රති ප්‍රදාහ වේදනා නාශක (anti-inflammatory painkillers) ඉහළ මාත්‍රාවකින් ලබාගැනීමෙන් හෘදයාබාධ ඇතිවිය හැකි බවට නව අධ්‍යයන වාර්තාවක් අනතුරු අඟවනවා.

මෙම වේදනා නාශක ලබා ගන්නා පළමු දින 30 ඇතුළත හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි වශයෙන් පැවතිය හැකි බවද මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන්.

 

කෙසේ නමුත් මෙම සොයාගැනීම සියයට සියයක් නිවැරදි නොවිය හැකි බවත් වේදනා නාශකවලට අමතරව වෙනත් සාධක ද මීට හේතුවිය හැකි බවත් විද්‍යාඥයන් පවසනවා.

ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් විසින් කරනු ලැබ ඇති මෙම නව අධ්‍යයනය සඳහා හාරලක්‍ෂ පනස්දහසකට ආසන්න පිරිසක් යොදාගෙන තිබේ.

 

පර්යේෂණයට ලක්වූ මෙම පිරිස ibuprofen, diclofenac, celecoxib සහ naproxen වැනි වේදනා නාශක භාවිත කරන රෝගීන්.

උදාහරණයක් ලෙස දිනකට ibuprofen මිලි ග්‍රෑම් 1200 වැඩි මාත්‍රාවක් ලබා ගන්නා කෙනෙකු පළමු දින 30 තුළ හෘදයාබාධ ඇතිවීමේ අවදානමට ලක්විය හැකියි.

නමුත් මෙය සියයට සියයක් නිවැරදි බවට සනාථ කළ නොහැකි බව විද්‍යාඥයෝ අවධාරණය කරනවා.

 

Rate this item
(3 votes)