May 04, 2024

පිට්බුල් ලංකාවට එන්නේ නෑ

ජනප්‍රිය ගායන තරුව පිට්බුල් ආසියානු සංචාරයක නිරතවන බව දැනුම් දී තිබුනත් නොවලක්වියහැකි හේතුවක් නිසාවෙන් එම ගමන අවලංගු වී ඇති බව ඔහුගේ සංවිධායකයින් පවසනවා.

මේ හේතුවෙන් ඔහු සංචාරය කිරීමට බලාපොරොත්තු වූ ජපානය, තායිලන්තය, තායිපේ, සිංගප්පුරුව, හොංකොං, කොරියාව, ඉන්දුනීසියාව මෙන්ම ශ්‍රී ලංකාවේ කිරීමට තිබු සියලුම ප්‍රසංග අවලංගු වී තිබෙනවා.

රසිකයන්හට මෙයින් සිදු වූ කනස්සල්ලට තමන් සමාව ඉල්ලන බව සංවිධායකයින් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවේ පිට්බුල්ගේ සංදර්ශනය නැරඹීමට ticket ගත් සියල්ලගේම මුදල් නැවත ලබාදීම මැයි 15 සිඅ 20 දක්වා හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානයේදී සිදු කෙරෙනවා.

එය පෙරවරු 10 සිට රාත්‍රී 7 දක්වා සිදුවේ.

ඒ සඳහා අදාළ රිසිට් පත හා ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙස ලංකාවේ මෙහි සංවිධායකයන් දැනුම් දෙනවා.

 

Rate this item
(3 votes)
Last modified on Friday, 12 May 2017 14:34