May 04, 2024

පාරාවෝ කුමරියගේ සොහොන සොයාගනී

ඊජිප්තුවේ පාරාවෝ කුමරිය පිලිබඳ නොදන්නා කෙනෙක් නැති තරම්.

පාරාවෝ කුමරියකගේ බවට විශ්වාස කෙරෙන සොහොන් ගැබක් සොයාගත් බව ඊජිප්තු බලධාරීන් පවසනවා.

වසර 3,700ක් ඉපැරණි මෙම සොහොන් ගැබ හමුවී ඇත්තේ මෑතකදී සොයා ගන්නා ලද ඊජිප්තු පිරමිඩයක් අසලින්.

ඊජිප්තුවේ පුරාවස්තු අමාත්‍යංශය පවසන්නේ කයිරෝ නුවර දකුණුදිග ප්‍රදේශයේ පිහිටි ඩාශුර් රාජකීය සොහොන් පිටියේ ඇති මෙම සොහොන් ගැබ තුළ තිබී දැවමුවා පෙට්ටියක් ගොඩගත් බවයි.

මෙම පෙට්ටිය මත හයිරෝරේඛණය නමින් හැඳින්වෙන පුරාණ මිසර රූපාක්‍ෂර කැටයම්කර තිබෙනවා.

මෙම දැව පෙට්ටිය තුළ තිබී මිනිස් අවයව තැන්පත් කළ භාජන හතරක් හමුවී ඇති අතර ඒවා ඇමනිකමාව් නම්වූ පාරාවෝ රජුගේ දියණියගේ සිරුරේ කොටස් බවට විශ්වාස කරනවා.

ඇමනිකමාව් රජුගේ පිරමිඩය පිහිටා ඇත්තේ මෙම සොහොන් ගැබට මීටර 600ක් පමණ දුරිනි.

පාරාවෝ කුමරියකගේ බවට විශ්වාස කෙරෙන මෙම සොහොන් ගැබ තුළ තිබී මානවාකාර හැඩයකින් යුත් ශෛලමය මිනීපෙට්ටියක අවශේෂ ද සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Rate this item
(1 Vote)