May 03, 2024

වැලිවලින් සැකසු බුදු පිළිමය බලන්න දහස් ගණනක් දියවන්නා වෙසක් කලාපයට එක් වෙයි

මීට දින කිහිපයකට කලින් අපි ඔබට ලංකාවෙහි  වැලි යොදා ගනිමින් සැකසීමට බලාපොරොත්තුවන බුදු පිළිමයක් ගැන පැවසුවා.

මෙය ලංකාවේ අපිට ටිකක් වෙනස් අත්දැකීමක්.

වැලි යොදා ගනිමින් අඩි හතළිහක් දිග මෙම සැතපෙන බුදු පිළිමය ඉන්දීය මූර්ති ශිල්පියෙකු විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් නිර්මාණය කරන මෙම  බුදු පිළිමය, වැලි යොදා ගනිමින් අඹන ලද ලොව දිගම බුදු පිළිමය බව මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් පවසනවා.

සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දියවන්නා වෙසක් කලාපය වෙත පැමිණෙන මෙන් ඔහු ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කරනවා.

මේ වනවිට මෙය නැරඹීම සඳහා දහස් ගණන් මිනිසුන් දියවන්නා වෙසක් කලාපයට පැමිණෙන බවයි දැනගන්න ලැබෙන්නේ.

වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය  14 වෙනිදා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වෙනවා.

සමාප්ති උළෙල සඳහා 14 වැනිදා ප්‍රධාන ආරාධිතයා වශයෙන් නේපාලයේ ජනාධිපතිනිය බින්ද්‍යා දේවි බන්ධාරි සහභාගී වීමට නියමිතයි.

Rate this item
(4 votes)