April 28, 2024

රහත් යැයි පවසන තවත් සමන්ත බද්‍ර කෙනෙක් කැළණි පන්සලේ

මේක අබුද්දස්ස කාලයක්. මිනිස්සුන්ට ඇත්ත නැත්ත තේරුම්ගන්න නොහැකි කාලයක්. ඊයේ වෙසක් පෝය... වෙසක් එකට බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන මිනිසුන්ට, රහතුන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කරන මිනිසුන්ට අපූරු දේකට මුණ දෙන්න වෙලා. මේ ගැන සමාජ ජාල වෙබ් අඩවි වල මේ වනවිට විශාල කතාබහක් යනවා. තමන් බුදු වූ කෙනෙකු බව කියමින්, සුදු පැහැති ඇඳුමින් සැරසී, ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ කැළණිය විහාරයේ වෛත්‍ය රාජයාණන් අභියස සිටි පුදුගලයෙකු පිළිබඳ තමයි මේ කතාවෙන්නේ. ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි අයට ප්‍රකාශ කර තිබෙනවා. ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා.කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති අතර මේ පුද්ගලයා අලුයම් කාලයේදී අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.

Rate this item
(4 votes)
Last modified on Thursday, 11 May 2017 11:55