April 28, 2024

වෙසක් සතිය ලබද්දීම ඇහුණු හදවත කම්පාවෙන මවකගේ කතාවක්

වෙසක් සතිය එන්නත් කලින් ලංකාවේ මිනිස්සු සැරසිලි කරන්න පුදුම විදියට මහන්සිවෙනවා.  තොරණ හදනවා, වෙසක්  කූඩු හදනවා, බල්බ් වැල් එල්ලනවා, වෙසක් කාඩ් ගන්නවා... ඒ විතරක්ද දන්සල් දෙනවා... එත් තමන්ගේ වැදූ අම්මා,හදපු තාත්තාට සලකන්නේ නෑ

බුත්තල උනාවටුන ප්‍රදේශයේ අම්ම කෙනෙක් පාරේ දාල ගිහින්. ඒ අම්මගේ කකුලේ ලොකු තුවාලයක්. ඒකෙන් ලේ ගලනවා. මේ අම්මා බස් නවතුපලක තමයි ඒ වෙද්දී   ඉඳල තියෙන්නේ.

දවල් ඉඳන් රෑ වෙනකම් ඒ වයෝවෘද්ධ අම්මා කකුලේ තුවාලෙත් එක්ක පුදුම වේදනාවක් විඳලා තියනවා.

පස්සේ  ඒ ප්‍රදේශයේ ඉන්න තරුණයෝ කීපදෙනෙක් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කරලා.

කඩිනමින් ක්‍රියාත්මක වුනු පොලිසිය මේ අම්මව රෝහල් ගතකරලා තියනවා. එහිදී අනාවරණය වෙලා තියෙන්නේ මේ අම්මා මීට දින කීපෙකට කලින් මේ ස්ථානයට පැමිණඇති බවයි.

ඒ මව රාගම ප්‍රදේශයේ කාන්තාවක් බවටයි වාර්තා වෙන්නේ. අවට ප්‍රදේශ වාසීන් මේ අම්මට හැකි අයුරින් ආහාර පාන ලබා දී තිබෙනවා.

නමුත් මේ අම්මගේ අනන්‍යතාව තවමත් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.

රෑ දෙකේම බණ කියන බණ අහන රටක, අම්මාගේ ආදරේ ගැන කවි බණ කියන අහන රටක මේ අම්මව පාරේ දාලා යන එකට අපි හැමෝම ලජ්ජා වෙන්න ඕන...

ඒ වගේම තමන්ගේ අම්මට සලකන්න බැරි දරුවෝ හොයල ඔවුන්ට දෙන්න දැඩි දඬුවම් ලංකාවේ ඇති කරන්න ඕන.

Rate this item
(2 votes)