April 28, 2024

දරුවන්ගේ naked ෆොටෝ අල්ලන app එකක් දෙමාපියන්ට

මේ සියවස වෙද්දී  ඉතිහාසේ අන් කවරදාකටත් වඩා  පොඩි ළමයි නව තාක්ෂණය එක්ක සම්බන්ධයි. දෙමාපියන් ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සැපයුවත්, දරුවෝ ගැන ඉන්නේ පුදුමාකාර බියකින්.

මොකද වර්තමානේ ඇහෙන්න දකින්න ලැබෙන අපරාධත් එක්ක.

Gallery Guardian ආයතනය මේ සඳහා අලුත් නිපැයුමක් සොයාගෙන.

දරුවෙක් තමන්ගේ phone එකේ නිරුවත් හෝ අඩනිරුවත් ( naked or half naked) ඡායාරූප save කලොත් දෙමාපියන්ට alert එකක් යන විදියට මේ  app එක හදලා තියනවා.

BBC නාලිකාව මේ පිළිබඳව කරනලද පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ සමහර ඡායාරුප හඳුනා ගැනීමට මෙම app එකට නොහැකි වී ඇති බවයි.

මේ පිලිබඳ අදහස් දක්වූ මෙම නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෙක් පවසා සිටියේ  

" ඇත්තටම 100% ක් ම ප්‍රතිපල මෙහි තියනවා කියන්න බැහැ. මොකද මේක app එකක්... ඒකට ගනුදෙනුකරන්න වෙලා තියෙන්නේ එකිනෙකට වෙනස් ශරීර ප්‍රමාණ, වර්ණ, හැඩයන්  එක්ක".

BBC නාලිකාව මේ සඳහා ෆොටෝ 20ක් භාවිතා කර තිබෙනවා. 12ක් මෙම app එකෙන් සොයාගෙන තියෙනවා. නමුත් 8ක් සොයාගෙන නැහැ.

මෙය සොයාගත් ආයතනය පවසන්නේ 96% ක් මෙහි ප්‍රතිපල සාර්ථක බවයි.

Snapchat හරහා හුමාරු කරන ෆොටෝ මේ app එකට හසු නොවීම ගැන එහි නිර්මාණකරුවෙක් පැවසුවේ, දෙමාපියන් snapchat තම දරුවන්ගේ phone වලින් ඉවත්කළ යුතු බවයි..

කෙසේ නමුත් කාලයට අනුචිත ලෙස සකසන ලද මෙම app එකෙන් ඉස්සරහට දෙමාපියන්ට නම් සැනසිල්ලක් දැනේවි.

Rate this item
(2 votes)