April 28, 2024

මිල්ටන් මල්ලවආරච්චිගේ සම්බන්දයක් ගැන බුකියේ යන කතාවේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ බිරිඳ කියයි (Video)

ලංකාව් කියන්නේ මැරුණු මනුස්සයන්ටත් ගොසිප් හදන තාලේ රටක් කියලා හිතෙන පුවතක් අපිට මේ ලඟදි ආරංචි වෙනවා. 2015 දී බ්ලොග් සටහනක් ඇදලා අරගෙන 2017 දී අලුත් කතාවක් හදලා....

කාටවත් නෙවෙයි අපි හැමෝම තාමත් ආදරේ කරන මිල්ටන් මල්ලව ආරච්චි සොඳුරු ගායකයාට.

එකෙන් අපහසුතාවට පත්වෙන්න ඔහු නොහිටියට ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ හැමෝම මේ කතාවෙන් බොහොම අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තාවෙන්නේ.

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ නවලෝක මුදලාලිගේ දියණියක සමග ඔහු පෙම් සම්බන්ධතාවයක් පැවත්වූ බවත්, ඒ නිසාම ඇය වෙනුවෙන් විවිධ ගීත ගායනා කළ බවත්, පසුව නවලෝක මුදලාලිට මෙය කන වැකී දියණියව ඔහුගෙන් ඉවත් කිරීම සඳහා ඇයව විදෙස් ගත කරවා පසුව වෛද්‍යවරයෙකුට විවාහ කර දුන් බවට පුවතක් පසුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබුණා.

කෙසේ වෙතත් මෙය කිසිවෙකුගේ ප්‍රබන්ධ කතාවක් බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහුගේ බිරිඳ ස්වර්ණ මල්ලවාරච්චි මහත්මිය වගේම  පුතු වන රනිල් මල්ලවාරච්චිත් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවා.

මෙම පුවත තවදුරටත් ප්‍රචාරය වුවහොත් අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මියගිය පුද්ගලයෙකුට මෙසේ කිරීම පිළිබඳ තමා දැඩි කණ්ගාටුවට පත්වන බවත් ස්වර්ණා මල්ලවාරච්චි මැතිණිය පවසා තිබුණා.

මෙවැනි කතා පලකිරීමට මත්තෙන් දෙවරක් සිතිය හැකි නම් රටක් ලෝකයක් සැනසූ කලාකරුවන්ගේ පවුලේ අයට මෙවැනි නොසන්සුන් තත්වයක් ලැබෙන එකක් නැහැ.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 09 May 2017 15:23