April 27, 2024

දියවැඩියාව සුවකරන ස්මාර්ට් දුරකථන ඉදිරියේ දී ඔබ අතට

විද්‍යාඥයන් කිහිපදෙනෙක් මේ ලඟදි අලුත් පර්යේෂණයක් කරලා. ඒ තමයි මානව ශරීරයක ජීවී  සෛලවල ක්‍රියාකාරිත්වය පාලනයට ස්මාර්ට් දුරකථන ( Smart phones) භාවිත කරනා ක්‍රමවේදයක් පිළිබඳව.

ජීව විද්‍යාවත් තාක්ෂණයත් එකතු කරලා සොයාගත්තු මේ අපූරු සොයාගැනීමැ කරලා තියෙන්නේ මීයන් යොදාගෙන, මීයන්ගේ සීනි මට්ටම ( Blood sugar level) සහ දියවැඩියාව ( Diabetes) පාලනය කිරීමයි.

එහි අදහස වෙන්නේ විද්‍යාවේ Translational Medicine කියන දේ බොහෝ ශරීරගත රෝග සඳහා මෙන්ම ප්‍රතිකාර සඳහා යොදාගත් හැකි බවයි.

චීන විද්‍යාඥයින් පවසන්නේ මේ සොයාගැනීම වෛද්‍ය ක්ෂේත්‍රයේ අලුත්ම යුගයකට පාර කියනු ඇති බවයි.

 පළමුවෙනි පියවර වෙන්නේ මානව සෛල ජීවී කර්මාන්තශාලා බවට පත් කර ක්‍රියාකාරී කිරීමයි.

ඔවුන් ඉන්සියුලින් වැනි සීනි මට්ටම අඩුකරන ඖෂධ නිපදවනවා ජීවී සෛලවලට ගැලපෙන ආකාරයට. නමුත් එම ඖෂධවල විශේෂත්වය ඒවා ආලෝකයට පමණක් සංවේදී වීමයි.

මෙම තාක්ෂනය Optogenetics නමින් හඳුන්වනවා. එපමණක් නොවේ, මෙම සෛල නිරාවරණය කරගත හැක්කේ විශේෂ තරංග ආයාමයක් සහිත රතු ආලෝක කිරණයකට පමණයි.

ඉන්පසු wireless LED එකකට සම්බන්ධ කරනවා. ඒවා පාලනය වෙන්නේ ස්මාර්ට් දුරකතනයෙන්.

නැගෙනහිර චීනයේ සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් වන ෂැන්හයි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ට හැකියාව ලැබිලා තියනවා මීයෙක්ගේ ශරීරයකට මේ සිස්ටම් එක ඇතුල් කරලා ස්මාර්ට් දුරකතනයකි touch screen එක අධාරයෙන් එය ක්‍රියාත්මක් කරන්න.

එම පිරිස මේ පිලිමන්ද අදහස් දක්වමින් ප්‍රකාශ කලේ " මෙම සොයා ගැනීම ජාත්‍යන්තර වශයෙන් වෛද්‍යය ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් කරනු ඇති බවයි. 

මේ සඳහා විද්‍යාඥඥයන්ට අවශ්‍ය වෙනවා අදාළ කෙනාගේ සරීරයෙන් ලේ බින්දු කිහිපයක්, මොකද එම ශරීරයට කෙතරම් ඖෂධ නිවරදි  ප්‍රමාණය දැනගැනීමට අවශ්‍ය නිසා.

දියවැඩියාවේ මුල් අවධියේදී මෙය ඉතාම යෝග්‍ය වුවත්, මේ මගින් දියවැඩියාව විශාල ලෙස පාලනයක් සිදුවෙන්නේ නම් නැහැ.

Wyoming විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ Mark Gomelsky පවසන්නේ " අනාගතයේ දවසක තමන්ගේ ශරීරය තුලම් නිපදවෙන ඖෂධ සහිත, රතු බහ LED පටියක් අතේ පැළඳගත් මිනිසුන් නගරයේ වීදිවල ගමන් කරනු දැකීම මෙම පර්ය්ෂණයේ අවසන් ඉලක්කය" බවයි.

 

 

 

 

 

 

Rate this item
(3 votes)