April 28, 2024

හැරී පොටර් හි හර්මයිනි, Beauty & the Beast නිසා හොඳම නිළිය වෙලා

මේ අවුරුද්දේ MTV TV & Movie Award සම්මාන උළෙලේ best big-screen actor සම්මානය  ඇය දිනාගත්තා. 

ඇය මේ සම්මානය දිනාගන්නේ Beauty & the Beast කියන සිනමාපටයේ ප්‍රධාන චරිත දෙකෙන් එකක් වෙන Belle  කියන චරිතය වෙනුවෙන්.

හැරී පොටර් ෆිල්ම් එකේ ලස්සන, පණ්ඩිත, හුරුබුහුටි කෙල්ල මතකද? හර්මයිනි..  

ඇය තමයි මේ සම්මානය දිනාගන්නේ... ඈ හැබෑ ජිවිතයේ එමා වොට්සන් ( Emma Watson). 

මේ සම්මානයේ විශේෂත්වය තමයි මේ සම්මානය කාන්තා ,පුරුෂ ලෙස වර්ග කිරීමක් නොමැතිව හොදම රඟපෑම කරන නිලියට හෝ නළුවට ලබාදෙන්නක් වීම.

ඇය මෙහිදී නළුවන් දෙදෙනෙක් පරදවනවා. ඔවුන් James McAvoy සහ Hugh Jackman. ඔවුන් දෙදෙනාත් ඉතාම දක්ෂ රංගන ශිල්පීන්.

මෙම සිනමා පටයේ සාර්ථකත්වය කොයිතරම් ද කියනවනම් මේ අවුරුද්දේ පැය 24 ක් ඇතුළත මිලියන 130ක් මෙය නරඹලා තියනවා.

MTV පිරිස genderless award එකක්, එහෙමත් නැත්නම් ලිංගබේදය නොසලකන සම්මානයක් හඳුන්වා දීමෙන්  මුළු ලෝකෙටම පෙන්නලා තියනවා රඟපෑම කියන්නේ මොනතරම් වෙනස් දෙයක් ද කියල...

" තමන්ගේ දක්ෂතාවය පිලිබඳ තමන්ට satis නම්, වෙන කෙනෙක්ගේ දෙපයින් නෙවෙයි නම් තමන් හිටගන්නේ, gender එක රඟපෑමට බාදාවක් නැහැ , ඒ වගේම මගේ මුළු ජීවිතේටම මේ ලැබුණු දේ පුදුම හයියක්" කියලා තමයි එමා මාධ්‍යයට පැවසුවේ...

මේ සම්මාන උළෙල නොවේ මෙවැනි සම්මානයක් හඳුනා දුන් පළමුවෙනි සම්මාන උළෙල..  2001 දි පවත්වපු  Grammy Awards නම් සම්මාන උළෙල  male, female catogary එක  ඉවත් කළා.

අපි හැමදාම ආදරේ කල හර්මයිනිට සම්මානයක් ලැබුන එකටනම් ඒ කාලේ පිස්සුවෙන් වගේ හැරී පොටර් සිනමා මාලාව බලපු හැමෝම කැමති ඇති.

 

Rate this item
(2 votes)
Last modified on Monday, 08 May 2017 16:48