සඳුන් පෙරේරා අඬනවා... අම්මත් අඬනවා.... නිවේදිකාවත් අඬනවා... අහන බලන අයත් අඬනවා.... කොටින්ම මේක බැලුවොත් ඔබත් අඬනවා.... මේ ඔහුගේ කතාව...
" අපි ඒ විඳපු දුක, වේදනාව, අයෙත් මන් එයාගේ කරට එන්න දෙන්නේ නැහැ.... " සඳුන් පෙරේරා කතාව කියන්න ගත්තේ එහෙමයි. අම්මෙක්ට දරුවෙක් හදන එක ලේසි නැහැ. දරුවෙක්ගේ ජිවිතේ හරි මගට ගන්න අම්මෙක් මුළු ලෝකයකම නින්දා ගැරහුම් ලබාවි. එත් තමන්ගේ දරුවා ඒ ලෝකෙටම වීරයෙක් වුනු දවසට ඒ අම්මගේ ඇස්වලින් ගලන කඳුළුවලට මිලක් දෙන්න පුළුවනුත් ඒ දරුවාටම විතරයි... ඔහු ඒ වගේ කෙනෙක්....
" ඉස්සර මං පුංචි කාලේ ඉස්කෝලේ යන්න නැගිටිනවා. අම්මා උයනවා, ඒ අතරේ මාව කඩේට යවනවා...මං ගොඩක් දුර යන්න ඕනි කඩේට. මං කඩේට ගිහින් පාන් භාගයක් ඉල්ලුවම අපෝ මූසලයා අදත් ආවද කියලා කඩේ මනුස්සය මාව එලවනවා.
අපිට සල්ලි නෑ ඒ කාලේ.. පොතට තමයි බඩු ගත්තේ.... මං සමහර දවසට යාළුවෙක්ගෙන් රුපියල් 10 ක් ඉල්ලගෙන ගිහින් ටොපියක් හරි අරගෙන පස්සේ තමයි පොත දික් කරන්නේ..... මං දැන් මුසල නැද්ද කියලා අහලා.... " ඔහු හඬයි...
" දවසක් මං ඉස්කෝලේ ගිය වෙලාවක අපේ අම්මට ඇවිත් ගහන්න හදලා තිබුනා ඒ මනුස්සයා..." පුතෙක්ගේ කඳුළු.. වේදනාව... අම්මෙක්ගේ කඳුළු... කලාකාරයෙක් අඬද්දී රසිකයෝ කොහොමත් අඬනවානේ... එත් මේ කතාවේදී අම්මෙක්ට බනිද්දි දරුවෙක්ට දැනෙන වේදනාව මිනිස්සුන්ට දැනෙනවා....
" මං එදා හිතාගත්තා, මගේ අම්මට බැනපු මිනිස්සුන්ට මං කවුද කියලා දවසක පෙන්නනවා කියලා, ලංකාවේ ලොකු තැනකට ගිහින්.... මං අද එක කරා... ඒ මිනිස්සු දැන් අපිව දැකල අඩනවා... "
" අපි ඉස්සර වේල් දෙකයි කන්නේ.. අම්ම මට කන්න දීලා බඩගින්නේ ඉන්නවා.... ආයිත් එහෙම දෙයක් වෙන්න දෙන්නෙ නැහැ...වෙන්න දෙන්නෙත් නැහැ... මට අතට සල්ලියක් ආවනම් කලේ, ඒ අම්මව සතුටු කරපු එක... මං කැම්පස් සිලෙක්ට් වුණා.... එත් ඉගනගන්නතරම් සල්ලියක් තිබුනේ නෑ... ඒ නිසා මං මගේ හැකියාව තියන පැත්තෙන් ඉස්සරහට යන්න තීරණය කළා... අම්මා මුලින් අකමැති වුණා.. එත් පස්සේ අම්මා ආශීර්වාදකරන්න ඇති... එකයි මං අද මෙතන ඉන්නේ..."
නැතිබැරිකම් නිසාම ජිවිතේ නවත්තගන්න ගොඩක් මිනිස්සු අතරේ සඳුන් හරි ෙධ්‍යර්යවන්ත තරුණයෙක්... ලොකු තැනකට ආවම තමන්ගේ අතීතේ අමතක කරන මිනිස්සු අතරේ සඳුන් හරි අවංක කලාකාරයෙක්... මේ හැමදේටම වඩා සඳුන් තමන්ව වදපු, හදපු, තමන් නිසා අනෙක දුක් විඳපු අම්මාට දේවත්වයෙන් සලකන හොඳ පුතෙක්....
අගය කලයුතු තැන් අගය කිරීම මාධ්‍යයේ වගකීම නම්, අපේ මේ ඉඩ වෙන් වුණේ ඒකට.......