April 28, 2024

මැක්‍රෝන් ප්‍රංශයේ ජනපති වෙන්න හේතු පහක්

 ඉම්මානුවල් මැක්‍රෝන් ( Immanuel Macrone) කියන්නේ ප්‍රංශ දේශාපාලනය උඩු යටිකුරු කරපු අපූරු තරුණ දේශපාලනඥයෙක්. ඔහුගේ සමහර ක්‍රියා ප්‍රංශ දේශපාලනය භූ කම්පාවකට ලක් කළා වගේ වුණා. මීට වසරකට  කලින් ප්‍රංශයේ ජනතාව දැනගෙන හිටියෙ නැහැ ඔහු කවුද කියලවත්.

එත් අද වෙද්දී මේ අවුරුදු 39ක තරුණයා ප්‍රංශ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා තියනවා. 

මැක්‍රෝන් හැමදාම ප්‍රංශයේ කතාබහට ලක්වෙනවා විවිධ හේතු නිසා. ඔහු විවාහ කරගන්නේ ඔහුට වඩා අවුරුදු බර ගානක් වැඩිමල් කාන්තාවක්. එත්  ඇය ඔහුගේ දේශපාලන ගමනට වගේම හැමදේටම මහත් ශක්තියක් වෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ.

මැක්‍රෝන්ගේ ජයග්‍රහණයට බලපෑව කාරණා පහක් ගැන BBC සේවය වාර්තා කරනවා.

ඇත්තටම ඔහු වාසනාවන්තයෙක්... එක තමයි පලවෙනි කාරණාව. ප්‍රංශ බුද්ධි මණ්ඩල සාමාජික මැක් ඔලිවියර් පවසන්නේ මෙහෙම කතාවක්.

" මැක්‍රෝන් ඇත්තටම වාසනාවන්තයි. මොකද ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණේ හැමදාම නොහිතපු දේවල් වුණත්, ඔහු ඒ හැමදේකින්ම ජයගත්තා".

නමුත් මැක්‍රෝන්ට මේ ජයග්‍රහණය ලැබිල තියෙන්නේ වාසනාවෙන් විතරක්ම කියන්න බැහැ.

දෙවන කාරණාව තමයි., ඔහුගේ තීක්ෂණ දැක්ම. ඔහු දැනගන්නවා මහජන සම්බන්ධතා හදාගන්න ඕන කොහොමද කියලා. ඒ වගේම කිසිම කෙනෙක්ට නොහැකි දේ කරන එකඔහුට අවස්තාවක් ලැබීමට හේතුවක් වන බව ඔහු අවබෝධ කරගන්නවා.

කොහොමහරි 2016 දී ඔහු " People powered" නමින් සංවිධානයක් පිහිටුවනවා. ඊට මාස 04කට පස්සේ ඔහු එරට ජනපතිගේ පක්ෂයේ සාමාජිකයෙක් වෙනවා. ඉතින් ඔහුට කෙතරම් තීක්ෂණ බුද්ධියක් තියනවද කියන්න තවත් නිදසුන් වැඩක් නැහැ නේද?

තුන්වැනි හේතුව තමයි ඔහු ප්‍රංශයට අලුත් දෙයක් දෙන්න උත්සාහ කිරීම.

ඔහුගේ ජයග්‍රහණයට මෙයත් හේතුවක් වුණා. ඒ වගේම ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා වගේම මිනිසුන්ට ලන්වුනු නායකයෙක් වුණා. ඔහු තමන්ගේ යටතේ වැඩකරන සේවකයන් ජනතාව අතරට යැව්වා. 300,000 ක් නිවෙස්වලට ඔහුගේ පණිවිඩය යවන්න ඔහු ක්‍රියාකළා. ඒ පිළිබඳව එරට මාධ්‍යයක හරි අපූරු සටහනක් තිබුණා.

" They sent out people to knock on 300, 000 doors". 

සිවු වන කාරණාව තමයි ඔහුගේ ධනාත්මක චින්තනය. ඔහු සෑම විටකම ප්‍රකාශ කලේ ඔහු   ජනතාවගේ සේවකයෙක් මිස, ලා - පෙන් ( ඔහුගේ විරිද්ධවාදිනිය) කියනවා වගේ ආධුනිකයෙක් නොවන වග. මාර්ක් ඔලිවියර්       පැඩිස් පවසන්නේ " මැක්‍රෝන්  තරුණයි. ඒ වගේම ඔහු ඉස්සරහට ප්‍රංශයට  කරන දේවල් කියවන්නේ නැහැ. නමුත් ඔහු ජනපති වුනොත් රටේ ජනතාවට ලැබෙන අවස්ථා පිලිබඳ ඔහු කතාකළා. ඒක උපක්‍රමයක්"

පස්වැනි හේතුව තමයි ලා- පෙන්ට වඩා මැක්‍රෝන් දරපු මතය ප්‍රතිවිරුද්ධ වීම. ඇයට අකමැති මිනිසුන් මේ හේතුවෙන් මැක්‍රෝන් වටා එකතු වුණා. 

මේ සියලුම කාරණාවන්ගේ   අවසානයේ ඔහු ප්‍රංශයේ ජනපති වුණා... තරුණ ජනපතිවරු පත්වීමෙන් රටකට වන අයහපත හැමෝම කතාකලාට අපි බලමු ප්‍රංශයේ ජනපති තමන්ගේ රට කොයිතරම් හොඳට පාලනය කරාවිද කියලා.... 

 

Rate this item
(1 Vote)