April 28, 2024

වැලිවලින් අඹපු බුදුන්වහන්සේගේ මුර්තියක් වෙසක් එකට ඉන්දියාවෙන් තෑගී ලැබෙනවලු

වැලිවලින් මුර්ති අඹනවා කියල දන්නවද? දන්න අය දන්නවා ඇති ඒක ලේසි නැහැ. 

ලබන සතියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය අවස්ථාවේ ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරන බව ඉන්දීය කළා ශිල්පියෙක් පවසනවා.

ලබන බදාදා (මැයි 10) සිට ඉරිදා (මැයි 14) දක්වා බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔය අසල උදෑසන 10 සිට සවස 07 දක්වා සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ඉන්දීය වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනයක්ද කරනවා.

ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ වැලි මූර්ති ශිල්පියා ඒ බව සඳහන් කරන්නේ ට්විටර් ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින්

ජාත්‍යන්තර වෙසක් දින උත්සවයට සහභාගි වීම පිණිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ත් ලබන සතියේ ශ්‍රී ලංකාව සංචාරයක යෙදීමට නියමිතයි.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ මේ දවස්වල මාධ්‍ය හරහා ඒ පිළිබඳව විශාල කතාබහක් සිදුවෙන නිසා.

Rate this item
(2 votes)
Last modified on Monday, 08 May 2017 10:25