May 06, 2024

අපි දුප්පත් තමයි.එත් මව්කිරි දෙන්න තරම් දුප්පත්වෙලා නැහැ...

කාම්බෝජයේ අම්මලා, මුදල් හොයන්න, තම වැඩිමහල් දරුවන්ගේ අවශ්‍යතා පිරිමහගන්න, තමන්ගේ මව්කිරි එක්සත් ජනපදයේ අම්මලට විකුණලා... " අනේ අපොයි" කියල අපිට හිතෙනවා නේද? 

එත් මේ සිද්දිය දැන් ගොඩක් කලෙක ඉඳන් සිද්ද වෙලා තියනවා. මේ තරම් දුෂ්කර දෙකට මේ කාන්තාවන් යොමුවෙලා තියෙන්නේ නැති බැරිකමට කියල තමයි දැනගන්න ලැබෙන්නේ.

ඉතින් ඒ වගේම එක්සත් ජනපදයේ අම්මලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා මව්කිරි දෙන එක. එකනේ සල්ලිවලට මව්කිරි අරගෙන දරුවන්ට පොවන්නේ. එක්සත් ජනපදයේ කාන්තාවන්ගේ රැකියාවේ පවතින කාර්යබහුලතාවයෙන් මිදෙන්න වගේම තමන්ගේ රූපය පිලිබඳ සැළකිලිමත් වීමත් හේතුවක්.

පසුගිය වසර දෙක පුරාම කාම්බෝජ කාන්තාවන් ඇම්බ්‍රෝසියා ලැබ්ස් ( Ambrosia labs) කියන සමාගමට තමන්ගේ කිරි    විකුණලා තියනවා.  එම සමාගම මෙම කාන්තාවන්ට ඩොලර්     ශත 50 ක් ලබාදී එම ආයතනය එම මව්කිරි එක්සත්  ඊට   ඊට වඩා 8 ගුණයක් වැඩියෙන් විකුණලා. 

විචාරකයින් පවසන්නේ ශරීර අවයව වෙළඳාමත් මේ වගේම සිද්දවෙද්දී ඇයි මෙයට විතරක් නීති දන්නේ කියල.ඒ ගැන අදහස් දක්වන ෙසෳඛ්‍ය  බලදාරින් එයට පිළිතුරක් ලබාදෙමින් කියන්නේ " මානව ශරීරයෙන් නිෂ්පාදනව වන එකම නිෂ්පාදිතය මව්කිරි නිසා,එය මුදලට විකිණීම තහනම් බවයී".

බොහෝ රටවල මවුකිරි කියන දේ විකිනෙන්නේ කිරි අවශ්‍යතාවෙන් පෙල්ලෙන දරුවන් වෙනුවෙන්. එත් එක බිස්නස් එකක් වෙන එක විශාල ගැටළුවක්. 

unisef ආයතනය මේ පිළිබඳ අදහස් දක්වමින් කිව්වේ මේ මගින්න්තාවන් වෙළඳ භාණ්ඩයක්      වන බවයි.

එත් ඇම්බ්‍රෝසියා සමාගම වාද කරමින් කියන්නේ එය කාන්තාවන්ගේ මුල්‍යමය තත්වය යහපත් කරන බවයි. එමෙන්ම කිරි දෙන මවුවරුත් පවසන්නේ එයමයි.

Chea Sum නම් මවක් AAF ආයතනයට කරන ලද ප්‍රකාශයක් BBC ය වාර්තකරලා තිබුණා,

" මවුකිරි විකිණීම තහනම් කිරීම පිලිබඳ අපි පුදුම කම්පනයක් ඉන්නේ. මව්කිරි නිසාම අපි කොයිතරම් නම් ප්‍රශ්න විසඳ ගන්න ඇත්ද"

කාම්බෝජ කාන්තාවන් පිලිබඳ පර්යේෂණ සිදුකරන මහාචාර්ය අනුෂ්කා ඩර්ක්ස් නම් කියන්නේ වෙනම දෙයක්,

" රාජකාරිවල නිරතවෙන කාන්තාවන්ට දරුවන්ට කිරි දීමට රාජකාරී කාලය තුළ නොහැකියි. ඒ නිසා බොහෝ කිරි පිටවෙනවා. ඒ කිරි විකිණීම වරදක් නැහැ කියල මං නම් කියයන්නේ. 

නමුත් කාම්බෝජයේ රජය අදටත් කියන්නේ " අපි දුප්පත් තමයි, එත් මව්කිරි විකුනන්න තරම් අපි දුප්පත්වෙලා නැහැ" කියලා.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 08 May 2017 10:31