May 06, 2024

ලාංකේය ඊලම ප්‍රංශයේ විකුණයි

ප්‍රංශයේ බෙදුම්වාදී කණ්ඩායම් තාමත් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට මාන බලන බවට තොරතුරු වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා සිතියම සහ බෙදුම්වාදී ඊලාම් සිතියම ඇතුලත් සිහින ඊලාම් රාජ්‍යයේ නිල පුෂ්පය වන නියගලා මල යොදාගනිමින් නිර්මාණය කර ඇති සාරී වෙළදපොලට පැමිණ ඇති බව සඳහන් වෙනවා.

ප්‍රංශයේ දමිල ව්‍යාපාරිකයකුගේ වෙළඳ සලක මෙම සාරි විකිඉනීමට දැම්ම තිබුණු බව සොයාගෙන තියනවා.

යුරෝ 145 ක් එනම් රුපියල් 24000 පමණ මුදලකට මෙය අලවි වන බවට සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නන් සඳහන් කර තිබෙනවා.

මෙවැනි ක්‍රියාවලින් සිදුවන්නේ මිනිසුන්ගේ සිත්තුල නැවතත් එම අදහස රෝපණය වීම බව විචාරකයින් පවසනවා.

 

 

 

Rate this item
(0 votes)