May 06, 2024

තරුණ සේවා සභාපතිගේ ආදර්ශමත් උපන්දින උත්සවය

උපන්දිනේ සමරන්න ඔබ කරන්න හිතන් ඉන්නේ මොනවද? යාලුවන්ට පාර්ටි එකක් දෙන්න ද? එහෙමත් නැත්නම් ට්‍රිප් එකක් යන්න ද? ඊට වඩා හොද දෙයක් තියනවා කරන්න. ඊට කලින් කියන්නම් තමන්ගේ උපන්දිනේ හරිම අර්ථවත් විදියට සමරපු කෙනෙක් ගැන. 

ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ  අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ සිය උපන්දිනය සැමරීම සඳහා පෙරෙයිදා (5)විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා.

මේ උත්සවය මත්පැනින් මෙන්ම  මිතුරු මිතුරියන්ගෙන් පිරුණු උත්සවයක් නෙවෙයි. 

මේ උත්සවයේ අමුත්තන් වූයේ  විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියයන් හා තරුණයින් පිරිසකුයි.

මහරගම, පමුණුව ප්‍රදේශයේ සුචරිතෝදය ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ රැඳී සිටින විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියයන් හා තරුණයින් මෙලෙස ඔහුගේ උපන්දිනයට එක්ව සිටියා.

 චන්ද්‍රසේන හෙට්ටිආරච්චි වැනි කලාකරුවන් ඇවිත් මේ දරු දැරියන් එක්ක සින්දු කිව්වා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ  අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ  තම උපන්දිනය වෙනුවෙන් එම දරුවන්ට අවශ්‍ය භාණ්ඩ හා ත්‍යාග පිරිනමා සිය උපන්දිනය ඔවුන් සමඟ සැමරීමට කටයුතු කරනු ලැබුවා.

මෙම අවස්ථාවට එරන්ති රංගේබණ්ඩාර  ඇතුළු පිරිසක් එක්ව සිටි බව දැනගගන්න ලැබුණා.

ඉතින් උපන්දිනේ සමරන්න මීට වඩා හොඳ විදියක් නෑ නේද?

Rate this item
(1 Vote)