May 06, 2024

කඩදාසි රැජිනගේ අපූරු කතාව

මීට දශකයකට කලින් ඇය තරුණ මවක්. ඇය ඇගේම කියල බිස්නස් එකක් කරන ගමන් හිටියේ. ඈ PG කඩදාසි (Greenock-based PG Paper) කම්පැණි එකේ අයිතිකාරිය වෙලා හිටියා.  එත් අවාසනාවන්ත විදියට ෛවද්‍යවරු කිව්වා  ඇයට ඈ සතු සියලුම දේ වගේම තමන්ගේ ආදරණීය සැමියා ,දරුවා පවා දාල යන්න කාලේ හරි කියලා. ඇයට ඒ වෙද්දී හදිසියෙන් කෙනෙක්ට විතරක් හැදෙන auto-immune syndrome කියන රෝගය හැදිලා තිබුණා. 

ඇය පූනම් ගුප්තා. ඈට  ෛවද්‍යවරු කිව්වා සීතල වගේම දුහුවිලි ඇගේ රෝගය උත්සන්න කරාවිය කියා. ඉතින් ඈ තීරණය කළා ස්කොට්ලන්තය අත්හරින්න. ඈ ඒ පිලිබඳ BBC නාලිකාවට  පැවසුවේ " මම ස්කොට්ලන්තය  අත් හැරියා, ඉන්දියාවට එන්න තීරණේ කළා, වෙන දෙකට නෙවෙයි, මැරෙන්න සුදානම්  වෙන්න"    කියලා. 

" ඒ කාලය මට බොහොම අපහසු කාලයක්. මොකද මගේ දුවට ඒ වෙද්දී අවුරුද්ද ලැබුවා විතරයි."

" මගේ අම්මා නැතිවෙද්දී මට යන්තම් අවරුදු 26 ලැබුවා විතරයි. මට අම්මව ඕනම කාලේ. ඒ සිදුවීම  මාව ගොඩාක් කම්පාවට ලක්කලා. ඉතින් මට ඕන වුණේ මගේ දුවට හොද අම්මෙක් වෙන්න, ඒ අත්දැකීම ඇයට නොලැබෙන්න. ඇත්තටම මට ඕන වුණේ දුව වෙනුවෙන් ජීවත්වෙන්න". bone tuberculosis රෝගය බ්‍රිතාන්‍යයට නුපුරුදු රෝගයක් වුනත් ඒක ඉන්දියාවට  නුපුරුදු රෝගයක් නම් නෙවෙයිලු.

ඇය අවුරුද්දක් පුරා රෝගයට බොහෝම ඉවසීමෙන් ප්‍රතිකාර ගත්තා. ඇයට ඒ කාලයම ඉන්න වුණේ  රෝද පුටුවක.

" මම සම්පුර්ණයෙන්ම සුව උනාම ඩොක්ටර් මට කිව්වා ඔහුට හයියක් තිබුනේ නැතිලු මට ආයිත් ඇවිදින්න වෙන්නේ නැතිබව කියන්න, එත් මං දැන් කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අඩි උස සපත්තු දානවා. පාර්ටි වලලත් යනවා."

පස්සේ ඇය බකිංහම් මාලිගාවට යනවා හොදම ව්‍යාපාරික කාන්තාව වගේම සමාජ සේවිකාව ලෙස සම්මානයක් ගන්න.ඇය ඒ ගැන මෙහෙම අදහස් දැක්වුවා.

" ඇත්තටම මං කලේ මට කරන්න පුළුවන් වුණු උපරිම දේ. මං මහන්සිවෙලා වැඩකලා විතරමයි.මං  සම්මාන බලාපොරොත්තු වුණේ නැහැ".

කෙසේ නමුත් පුනම් කියනවා ඇය මහන්සිවෙලා වැඩකරපු නිසා හැමදේම ලැබුනා කියල.

ඇගේ ව්‍යාපාරය රටවල් 55ක් පුරා ව්‍යාප්තයි. ඒ විතරක් නෙවෙයි, ඇය කඩදාසි වර්ග 1300ක් නිපදවනවා. කාර්යාලීය ප්‍රයෝජනයට ගන්න කඩදාසියේ ඉඳලා ටොයිලට් පේපර්ස් දක්වා PG Paper Co Ltd හි නිපදවනවා.

මරණින් ජයගත්තු කඩදාසි රැජින ලෝකෙම අල්ලගත්තු හැටි පුදුමයි නේද?

 

 

 

 

 

 

 

Rate this item
(2 votes)
Last modified on Saturday, 06 May 2017 22:23