May 06, 2024

රමිත රඹුක්වැල්ල ගේ චාම් විවාහ උත්සවය

රමිත රඹුක්වැල්ල කියලා කියන්නේ හැමදාම ලංකාවේ ගොසිප් හදපු චරිතයක්නේ. ප්‍රසිද්ධ දේශපාලනඥකගේ පුතා නිසාම මෙයාට ඉතින් කොහේ ගියත් පරිස්සම්වෙන්න වෙනවා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා තමයි රමිත් කියන්නේ. ඒ වගේම ඔහු ක්‍රිකට් ක්‍රීඩකක්.

රමිත් රඹුක්වැල්ල මේ ලඟදි දවසක විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඔහු සමගින් අතිනත් අරන් තියෙන්නේ  ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණියක වන නටාලි ෂෙනලියි.

සාමාන්‍යයෙන් මේ වගේ උත්සව රටටම අඬබෙර ගහල, මාධ්‍ය නාලිකා කිහිපයක පෙන්නලා, අන්දන කෙනාගේ ඉඳලා මේ උත්සවේට සහභාගී වුණු හැම ආයතනයකම වර්ණනා කතාකරන event එකක් වෙන කාලෙක රමිතගේ විවාහ උත්සවය සිද්ද වුණේ හොර රහසේ වගේ.

ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය කොළඹ ගාලු මුවදොර හොටලයේදී ඉතාමත්චාම් අයුරින් පැවැත්වුණ බව වාර්තා වෙනවා.

Rate this item
(3 votes)
Last modified on Saturday, 06 May 2017 22:24