May 06, 2024

Spanish හඬක් ලංකාවෙන්

ඔහු රනුර පෙරේරා. ලාංකේය සංගීත කලාව ඇතුළේ Cover Songs කරන අය අතරේ ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි රනුර කියන්නේ. එත් ඇයි ඒ අය අතරිනුත් රනුර මේ තරම් විශේෂ?

 

එන්රික් ගැන අහල තියනවද? එන්රික් ( Enrique Iglesias) කියන්නේ ලෝකෙම දන්නා ස්පාඤ්ඤ ගායකයෙක්, ගීත රචකයෙක්, නළුවෙක් වගේම නිෂ්පාදකයෙක්. ලතින් පොප් ( Latin pop music) සංගීතයේ king විදියට සලකන්නේ ඔහුගේ Bailando ගීතය. අහල තියනව නේද ගණන් කරන්න බැරි තරම් වාර ගානක්. ඉතින් ලංකාවේ තරුණයෙක් මේ spanish ගීතය ඒ විදියටම කරනවා කියන්නේ ඒක මාරම දෙයක්. 

මේ spanish ගීතය කරන්නේ රනුර පෙරේරා.

ඔහු දෙවනියට කරන cover song එක තමයි මිචෙල් ටෙලොන්ගේ ( Michel Telo) Nosa Nosa ගීතය. එයත් ඉතාම ජනප්‍රිය වුණා. 

cover Songs කරන එක ඕනෑම අලුත් artist කෙනෙක්ට ක්ෂේත්‍රයට එන්න මහඟු අවස්ථාවක්. ඔහු වඩාත් කැමැත්තක් දක්වන්නේ ගීත ක්ෂේත්‍රයේ entertainment පැත්තට බවයි දැනගන්න ලැබුනේ. 

ඔහු ශාන්ත පීටර් විද්‍යාලයේ ( st. Peter's college) ආදී ශිෂ්‍යයෙක්. ඔහු පාසල් ගීතිකා කණ්ඩායමේත් සාමාජිකයෙක්.

ඔහු මේ වනවිට Spanish භාෂාව ඉගනගන්නවා. ඔහු උසස් අද්‍යාපනය හදාරන්නේ ඉංජිනේරු විද්‍යාවෙන්. 

ඔහුගේ Bailando ගීතය වෙනුවෙන් ඔහු වටා එක් රොක් වුණු රසිකයන් ගණන ගණන් කරන්න බැරිතරම්. රනුර ඒ ගැන මෙහෙම අදහසක් දරන්නේ.

" කලාකරුවෙක් ගීත කරන්නේ තමන්ව රසිකයන්ට හඳුන්වා දෙන්න විතරක්ම නෙවෙයි. තමන් විඳින රසය තම රසිකයන්ටත් දෙන්න. මට ඕනි රසිකයන්ට හැමදාම දකින දේ නැතිව වෙනත් ,වෙනස් අත්දැකීමක් ගෙනත් දෙන්න. මේ වනවිට සමාජ මාධ්‍ය හරිම ප්‍රබලයි. මිනිස්සු දැන් කැමති විශේෂ හැකියාවන් තියන මිනිස්සුන්ව දකින්න.  ඉතින් මං හිතුවා මේ වගේ දෙයක් කරන එක තමයි මං ගැන මිනිස්සුන්ට කියන පුළුවන් හොදම විදිය කියලා. එත් මගේ ලොකුම target එක තමයි  මගේම ගීත වෙනුවෙන් රසිකයන් එකතුකර ගැනීම".

Bailando Cover song එක වෙනුවෙන් ඔහුට views 100,000 ක් ෆේස්බුක් එක හරහා ලැබුණා. ඔහු ඒ ගැන කියන්නේ ඔහුට දිරිමත් වීමට එයම සැහෙන බවයි.

Rate this item
(7 votes)
Last modified on Saturday, 06 May 2017 10:44