May 06, 2024

රෝගී ඩමි ඔබේ මනසත් රෝගී කරාවි ද?

බ්‍රිතාන්‍යයේ ෛවද්‍යවරු පිරිසක් අපූරු පර්යේෂණයක් සිදුකරලා තියනවා. ඒ බොහෝ නිමි ඇඳුම් සාප්පුවල ඇඳුම් අන්දවා ඇති ඩමිවලින් මිනිසුන්ගේ මනසට කෙතරම් හානියක් වෙනවාද කියන කරුණ. මොකද මිනිසුන් එම ඩමිවල ප්‍රමාණයට තමන්ගේ සිරුර සකසා ගතහොත් වඩා යෝග්‍ය බව හිතන නිසා,

ඒ වගේම ඒ ඩමිවල ප්‍රමාණයට කාන්තාවක් තරබාරු වීම කෙතරම් යෝග්‍යද යන්න ඔවුන් පර්යේශන කරලා තියනවා.  මේ සඳහා ඔවුන් බ්‍රිතාන්‍යයේ නගර දෙකක ඇති සාප්පු පරික්ෂාවට ලක්කර තියනවා.

ඔවුන් නිශ්චය කරලා තියනව ඒ ඩමිවල ප්‍රමාණයට මිනිසුන්ගේ ශරීර පැවතුනොත් එම මිනිසුන් රෝගී ( Medically unhealthy) පුද්ගලයන් බව.

මෙම පර්යේෂණයේ නියමුවා වුණු Dr.Eric Robinson ට අනුව හීන්දෑරී (Ultra thin) සිරුරක් සහිත කල්පිත ස්ත්‍රියක්ගේ හීනය සෑම     කාන්තාවකගේම මනසේ ඇඳිය හැකිනම්   සමාජයේ පවතින   වැරදි ආහාර රටා පාලනය කර ගත හැකියි. එමෙන්ම බොහෝ මානසික ගැටළුවලට විසඳුම එය විය හැකියි.

ඔහුට අනුව එම නගර දෙකෙහිම එකම සාප්පුවකවත් සාමාන්‍ය ශරීර ප්‍රමාණයට සැකසු ඩමියක් හමු වී නැහැ.

නමුත් කාන්තා ඩමිවලට ( female mannequins)  වඩා හාත්පසින්ම වෙනස් දෙයක් පිරිමි ඩමි (male mannequins) පිලිබඳ ඔවුන් සොයාගෙන තිබුනේ. පිරිමි ඩමි 10කට එකක් සාමාන්‍ය පිරිමියෙක්ට වඩා අඩු බරින් යුක්ත බවයි ඔවුන් පැවසුවේ.

අවසානයේ ඔවුන් තීරණය කර තිබුනේ එම ඩමි වර්ග දෙකම යථාරථවත් නොවන බවයි. 

ඩමියක ප්‍රමාණය මිනිස් මනසට ගැටළුවක් වන බව සෙවීමට කරනලද පළමු පරීක්ෂණය මෙය නොවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

 

Rate this item
(3 votes)
Last modified on Friday, 05 May 2017 15:29