May 06, 2024

HIV ආසාධිත මවගේ වාසනාවන්ත බිලිඳා

මේ පුවත අපි හොයාගන්නේ ෆේස්බුක් එකෙන්. ෛවද්‍ය අජිත් කරවිට මහතාගේ ෆේස්බුක් ගිණුමේ තමයි මේක ගැන සඳහන් වෙලා තිබුනේ.

ෛවද්‍යවරු දෙවිවරු කියල කටවචනෙට කීවට ඒක එහෙමමයි කියල හිතෙන්න නම් තමන්ටම එහෙම අත්දැකීමක් දැනෙන්න ඕන. එත් ඒක රටම කතාකරන පුවතක් වෙද්දී ඒ අත්දැකීම අපේම වෙනවා.

HIV ආසාධිත මවකට සිසේරියන් සැත්කමකින් දරුවෙක් බිහිකරන්න තරම් හැකියාවක් ලංකාවේ තියනවා කියල හිතද්දී ලංකාවේ  ෛවද්‍යවරු පිලිබඳ සියුම් ආඩම්බරයක් දැනෙනවා. අවධානමක් අරගෙන  මේ හාස්කම කරලා තියෙන්නේ අනුරධපුර ශික්ෂණ රෝහලේදී.

අජිත් කරවිට, කුමාර දිසානයක, අයේෂා අබේරත්න, සංජිව තෙන්නකෝන්, සම්පත් කරුණාරත්න, මහේශ් ආනන්ද යන වෙදැදුරන් සහ සහයක කාර්ය මණ්ඩලය මේ සඳහා සහභාගී වී තිබෙනවා.

HIV ආසාධනය වූ රෝගියෙක් හට සැත්කමක් සිදු කිරීම එම  වෙදදුරන්ගේ ජිවිත පවා අනතුරට හෙලීමක්. එම අවධානම පවා නොතකමින්  මවගේ සහ දරුවාගේ ජිවත පිලිබඳ සිතු මෙම පිරිසගේ සත්ක්රියආව අගය කල යුතුයි.මෙය ලනක්වට වගේම ලෝකයටද ආදරශ   සපයනවා.

 
Rate this item
(3 votes)
Last modified on Thursday, 04 May 2017 23:13