May 05, 2024

හොලිවුඩ්වල ළමා නළුවන් වයසට යද්දී ඉවතට

ඉස්සරම අපේ මතක ගබඩාවල වීරයන් වුනු අදටත් දකිද්දීම ගෙදර කෙනෙක් දැක්කා වගේ දැනෙන ළමා නළුවෝ අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවා. හොලිවුඩ්වල කාලයක් ළමා හිත්වල වීරයන් වුනු අපූරු රංගන ප්‍රතිභාවක් පෙන්නපු ළමා නළු නිළියන්ට මොකද වුනේ? අපි හොයල බැලුව ඒ ගැන.

හොලිවුඩ්වල ළමා නළු නිළියන් කියන්නේ තීරණාත්මක සාධකයක්. නමුත් ඔවුන් වැඩිහිටියන් වෙද්දී තෝරාගන්නේ වෙනස්ම වෘත්තියක්. මතකද Charlie and the Chocolate Factory සිනමාපටයේ Charlie ගේ චරිතය කරපු ළමා නළුවා? ඔහු Peter Ostrum. ඔහු     තමන් නළු වෘත්තියෙන් ඈත් වීම පිළිබඳව මාධ්‍යට අදහස් දක්වල තිබුනේ මෙහෙම

" හැමෝම හිතන්නේ acting කියන්නේ හරිම පහසු රස්සාවක් කියල. එත් ඒක තරම් අමාරු දෙයක් තවත් නැහැ."

1990 දශකයේ Mara Wilson නැති සිනමාවක් නැතිතරම්. ඇය රංගනයෙන් දායක වුනු සිනමාපට Miracle on 34th street, Mrs Doubtfire, A Simple Wish සහ Matild. ඇය මේ වනවිට ලේඛිකාවක්. ඇය ගිය අවුරුද්දේ Where Am I Now ලෙස පොතක් එළිදැක්වූවා. ඇය තමන්ගේ සිනමා හැරයාමට අදහස් දක්වල තිබුණා. 

" හොලිවුඩ්වලට තවත් මාව අවශ්‍ය නැහැ. මොකද මං ඒ තරම් තරුණ නැහැ දැන්."

සම්භාව්‍ය සිනමා කෘතිවල රංගනයෙන් දායක වුණු Mary Badham 1960 දශකයේ ප්‍රසිද්ධ ළමා නිලියක්. ඇය හොඳම නැගී එන තරුණ නිළිය ලෙස ඔස්කාර් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. නමුත් ඇය එකපාරටම ඇගේ රංගන ජිවිතයට සමු දුන්නා. ඇය පසුකාලීනව 2005's Our very own සිනමාපටයට පමණක්  දායක වෙනවා. එයට හේතුව වුනේ ඇය වෙනුවට වෙනත් නිලියක් මේ චරිතතයට ගැනීමට එහි නිෂ්පාදක මඩුල්ල හා අද්‍යක්ෂකවරයා දැක්වූ අකමැත්තයි.   නමුත්   ඇය පවසා තිබුනේ, දැන් ඇයගේ වයසට රඟපෑම නොගැලපෙන බවත් දැන් ඇය රචනයට යොමු වී ඇති බවත්ය.

Shirely  Temple අවුරුදු 3 දි සිනමාවට එන්නේ. ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර Bright Eyes, The little princess, Heidi , Captain Janan ඉතා ජනප්‍රිය වූ අතර ඇය වයසින් මුහුකුරා යද්දී සියලුම සිනමා කාර්යයන් වලින් ඉවත් වී දේශපාලන හා පොදු සේවා වල නිරත වීම තෝරාගෙන තියනවා.

Mark Lester කියන්නේ Oliver Twist නවකතාවෙන් හදපු Oliver සිනමාපටයේ Oliver ගේ චරිතයට පන පොවපු නළුවා. ඔහු අවරුදු දහයෙදි රංගනයට දායක වෙනව. ඔහු අවරුදු 19 තෙක් රංගන කටයුතුවලට දායක    වුණා. ඔහු  රංගනයෙන් ඉවත් වීම පිලිබඳ දැක්වුවේ මෙවැනි අදහසක්.

" ළමා නළුවන් වයසට යද්දී ඔවුන්ගෙන් කිහිප දෙනෙක්ට විතරයි ඒ හැකියාව ඉතිරි වෙන්නේ.."

 

Rate this item
(3 votes)
Last modified on Thursday, 04 May 2017 12:44