May 05, 2024

NDTV හි සුරූපිනිය අවසන් ගමන් යයි

සොනිකා චාවුහාන් ( Sonika Chauhan) කියන්නේ ඉන්දියාවේ හිටි අති දක්ෂ තරුණියක්. ඇය අඩු වයසින්ම ජනප්‍රිය    නිරූපණ ශිල්පිනියක්,  නිලියක් සහ රුපවාහිනී වැඩසටහන්  ඉදිරිපත්  කරන්නියක් වුනු තරුණියක්. ඇය පසුගියදා තමාගේ හොදම මිතුරා වික්‍රම්   සමග ගමනක් යමින් සිටියදී රිය අනතුරකට පත් වී මිය ගියා. 

වික්‍රම් එහි දී තුවාල ලැබුවා. 

ඇය ප්‍රසිද්ධියට පත්ව තිබුණේ NDTV හි ඉදිරිපත්කරන ලද ක්‍රීඩා වැඩසටහනක් හේතුවෙන්. 

ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් වෙලා හිටියා. ඒ වගේම ඇය ක්‍රීඩාවටත් ඉතාම දක්ෂයි. ක්‍රිකට් , ටෙනිස්, පිහිනීම යන අංශ වලින් ඇය දක්ෂකම් පෙන්වා තිබුණා. 

ඇය වෙනුවෙන් කොතරම් රසිකයන් ප්‍රමාණයක් සිටිනවාද යන්න අයගේ නිවසෙහි පැවැත්වෙන ආගමික වතාවත්වලට පැමිණ ඇති දහසක පමණ පිරිසගෙන් ඔප්පු වෙනවා.

Rate this item
(3 votes)