May 05, 2024

චීන මනමාලයාගේ කසාදයට ආ අපූරු නෑදෑයෝ

උතුරු චීනයේ මනමාලයෙක් ඔහුගේ මංගල දිනයේම අත්අඩංගුවට පත්වෙලා. පුදුමේ කියන්නේ ඒක කරලා තියන්නේ ඔහුගේ බිරිඳගේ නෑදෑයෝ. හේතුව තමයි ඔහු තමන්ගේ නෑදෑයන් කියලා මංගල උත්සවයට ආරාධනා කරලා තියන අමුත්තෝ හැමෝම ඔහු විසින් මුදල් ගෙවන ලද පුද්ගලයන් වීම නිසා.

මේ මනමාලි Shananxi ප්‍රදේශයේ Liu යන පරම්පරා නාමය සහිත පෙළපතකින් පැවත එන තරුණියක් බවයි දැනගන්න ලැබෙන්නේ. නැකත් කාල සීමාව තුළ ඇයගේ පරම්පරාවේ නෑදෑයන්ට මනමාලයාගේ නෑදෑයන් සමග කතාබහ කිරීමට අවස්ථාව උදාවෙලා. එත් ඔවුන් කිසිම කෙනෙක් ඔහුගේ විස්තරයක් පැවසීමට නොදැන සිටිය බවයි පැවසෙන්නේ.ඒ මගින් තමයි ඔවුන්ගේ හොරය මනමාලිගේ පාර්ශවය දැනගෙන තියෙන්නේ.

එරට මාධ්‍ය වාර්තාකරණ අන්දමට මනමාලයා විසින් යුවාන් 80ක් ගෙවා ඇති බවයි පැවසෙන්නේ. ඔහුගේ භාවිතා කරනු ලබන නම වැන්ග්. ඔවුන් දෙදෙනා අවරුදු 3ක් ආශ්‍රය කර ඇතත් ඔහුගේ ප්‍රෝඩාව ඇය නොදැන සිටී බවයි ආරංචි වෙන්නේ.

මේ පිලිබඳ විවිධ මත එම ප්‍රදේශයේ පළවෙනවා. ඒ අතර ඔහු ඉතා දුප්පත් පුද්ගලයෙක් බවත් මනමාලිගේ පාර්ශවයෙන් ඔහුට අකමැති වී ඇත්තේ ඒ නිසා බවත් පැවසෙනවා.කෙසේ නමුත් xibu online මාධ්‍ය ජාලය පවසන පරිදි පොලිසිය මේ පිළිබඳව තවමත් පරීක්ෂණ කරන බැවින් හේතු දැක්වීම කළ නොහැකියි. එම ප්‍රදේශයේ ජනතාව විමසන්නේ ඔහු දුප්පතෙකු නම් 200 ක අමුත්තන් ගෙන ආවේ කෙසේද යන්නයි. 

Rate this item
(3 votes)