May 05, 2024

ඩිල්ෂාන්ගේ පිටකවරයක් දාපු හිත නිසා ජැක්සන් ඇන්තනීගේ හිත රිදිලා

මේ අවුරුද්දේ මාර්තු මාසේ 20 වැනි සඳුදා මහවැලි කේන්ද්‍රයේ තරමක් අපූරු වැඩක් කෙරුණා. ඒක නම් කෙරිලා නම් තිබුනේ පොතක් දොරට වැඩුමක් විදියට. එත් සාම්ප්‍රදායික පොතක් දොරට වැඩුමකදි සිද්දවෙන කිසිම දෙයක් මේ දවසේ සිද්ද වුනේ නැහැ. ටිකක් වෙනස් දැක්මක් තියන කෙනෙක් කතුවරයා වූ නිසාම වෙන්න ඇති මේ දොරට වැඩුම සම්ප්‍රදායෙන් පිට පැනලා තිබුනේ. 

සම්ප්‍රදායික දොරට වැඩුමකදි මුලින්ම කරන්නේ පොල්තෙල් පහන දල්වීමනේ ? එත් පොල් තෙල් පහනට තිර්යක්වත් නැතුව ඒක පැත්තක තියෙද්දී පිළිගැනීමේ කතාවයි ස්තුති කතාවයි දෙකම එකවර කරනවා ඒ පොතේ කතුවරයා. එකත් වාක්‍ය දෙකකින්. ඉතින් මේ කතුවරයා ඩිල්ෂාන් පතිරත්න. පොත "කලියුගයේ කුමාරයා".

මේ දොරට වැඩුමේ ආරාධිත කතිකයෙක් විදියට ජැක්සන් ඇන්තනි සහභාගී වුණා. ඔහු ඩිල්ශාන් මේ පොත ඇතුලේ කරලා තියන පණ්ඩිතකම් ගැන මූනටම කිවුව.

" ඩිල්ෂාන් මේක කාව්‍ය සංග්‍රහයක් කියන එක අයින්කරලා තියනවා. අපි කොහොමද තීරණය කරන්නේ මේක කාව්‍ය සංග්‍රහයක් නෙවෙයි කියල. මට හිතෙනවා මේක අනවශ්‍ය පන්ඩිතකමක් කියල..."

ඔහු තමන්ගේ කතාව ඇතුළේ ඩිල්ශාන්ගේ පොත කියවන්න අපිටත් කැමැත්තක් ඇතිකරනවා. සම්පුර්ණ පොතම හුස්මට කියවන්න තරම් රසවත් බවක් එහි ගැබ්ව ඇති බව ඔහු කියනවා. හැබැයි ඔහු ඩිල්ෂාන්ට චෝදනා කරනවා තමන්ගේ පොතේ පේටන්ට් බලපත්‍රය පාඨකයන්ට නොදී මේ හැම අත්දැකීමක්ම තමන්ගේ බව කියන ඩිල්ෂාන්ගේ ආත්මාර්ථකාමී වචනවලට. ඔහුගේ හිත රිදුන බව ඔහු කියනවා. ඩිල්ශාන් තමන්ගේ කතාව ඇතුලේ ජැක්සන් ඇන්තනීට උත්තර බඳිනවා මෙහෙම.

" හැමෝම කියනවා  හැමදෙයක්ම හොදට කලත් , එක තැනක් හරි මං වරද්දගන්නවා කියලා. එක  හරියට කිරි කලේකට ගොම බින්දුවක් දැම්ම වගේ තමයි. එත් ඒ තමයි මම, හැබෑ මම "

කොහොමහරි හරි මේ පොතේ තියන සංවේදී කවියක් ගැන ජැක්සන් ඇන්තනී ඩිල්ෂාන්ගෙන් විමසනවා. ඒ ඩිල්ෂාන්ගේ තාත්තගේ මරණය සම්බන්ධයෙන්. ඩිල්ෂාන් ඒකට දෙන එකම පිළිතුර " ඔවු, උන් මගේ තාත්තව මැරුවා " කියල. ඒක හරිම සංවේදී මොහොතක්....

  " ඉල් මහේ රතු පාට මතක මල්

     පිපෙනවලු

     මල් කැකුළු අරගලය සුවඳවත් 

      කරනවලු

     යල් පැනපු අතීතය කරලියට

      වඩිනවලු

      කල් පිරිලා නෑ තවම අරගලය

      තියනවලු "

   - කලියුගයේ කුමාරයා

     ඩිල්ශාන් පතිරත්න -

Rate this item
(7 votes)
Last modified on Wednesday, 03 May 2017 12:48