May 06, 2024

හොරණ අමුතු තාලේ පැරේඩ් දෙකක්

මේ දවස්වල පාසල්වල පැරේඩ් ගියපු ෆොටෝ සමාජ ජාල හරහා දිනපතා දැකගන්න ලැබෙනවා. ඒ අතරින් ටිකක් වෙනස් විදියට පැරේඩ් ගියපු පාසල් දෙකක් ගැන මේ වෙනකොට කතාබහට ලක්වෙනවා.

හොරණ විද්‍යාරත්න පිරිවෙන සහ හොරණ රාජකීය විදුහල විසින් සංවිධානය කරපු පැරේඩ් එක අපි වෙනදාට දකින පැරේඩ් වලට වඩා ටිකක් විශේෂයි.

තමන්ට තියෙන දෙවල්ම ප්‍රයෝජනයට ගනිමින් කරපු මේ පැරේඩ් එකේ අපි වෙනදට නොදකින අමුතු අමු‍තු බෝඩ් කෑලි ටිකකුත් එකතු වෙලා තිබුනා. ඒ දේවල් අනිත් පාසල්වලට වඩා වෙනස් නිසාම ඔවුන්ගේ වැඩේ කැපී පෙනුණා.

කොහොම වෙතත් බෞද්ධ පරිසරයක පවත්වාගෙන යන විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය (පිරිවෙන), පිරිවෙනක් විදිහට මේ වගේ පැරේඩ් එකක් ගිය එක තරමක් විශේෂ දෙයක් කියලයි මේ පැරේඩ් එක බලපු අයනම් කියන්නේ.

Rate this item
(1 Vote)