May 05, 2024

ඇමරිකාවේ පිහිටි අපූරු කෞතුකාගාරයක රහසිගත තොරතුරු

කෙෘතුකාගාරයක් බලන්න යනවා කියද්දී මොකක්දෝ ෙපෳරාණික හැඟීමක් හිතට දැනෙනවා නේද? අපිට අපේ ජීවිත කාලය ඇතුළත බලාගන්න  බැරි වුනු ගොඩක් දේවල් එකම ස්ථානයකදී   දැකගන්න පුළුවන් නේද කියල අපිට හිතෙනවා නේද? ඉතින් කෙෘතුකාගාරයක් යන නම ඇසුන සැණින් ඔබට  සිහිවන්නේ ඓතිහාසික වටිනාකමකින් යුත් භාණ්ඩ එක්රැස් කර ඇති ගෞරවනීය ස්ථානයක් නේද?

නමුත් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ පිහිටා ඇති ජාතික ස්භාවික විද්‍යා කෙෘතුකාගාරය (The National Museum of Natural History) යනු හුදෙක් ඉපැරණි භාණ්ඩ එක් රැස් කර ඇති ස්ථානයක් පමණක්ම නොවේ. 

එය පෘතුවියේ සතර කොනේ සැම ස්ථානයකින්ම හමුවන  සතුන් වර්ග ශාක වර්ග ෆොසිල වර්ග ඛණිජ වර්ග පාෂාණ වර්ග මානව නෂ්ඨාවශේෂ සහ සංස්කෘතික භාණ්ඩ මිලියන 126ක එකතුවකින් සමන්විත වන මහේශාක්‍ය කෙෘතුකාගාරයක්.වොෂින්ටන් ස්භාවික විද්‍යා  කෙෘතුකාගාරයක ලොව පුරා ඇති ස්වභාවික විද්‍යා කෙෘතුකාගාරය ලෙස අවිවාදයෙන් පිළිගැනේ.

1910 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම කෙෘතුකාගාරය ඕනෑම අයෙකුට නොමිලයේම නැරඹිය හැකිය. එය වසරේ දින 365න් දින 364ක්ම විවෘත පවතින අතර වසා දැමෙන්නේව නත්තල් දිනට පමණයි. 

වෘත්තීය ස්වභාවික ඉතිහාස පරික්ෂකයින් 185 කගේ පමණ සේවය ලබන මෙහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1000කට අධිකයි.ලොව පුරා විසිරි සිටින ස්වභාවික සංස්කෘතික  සහ ඉතිහාසය පිළිබඳ කැප වී  සිටින පරික්ෂකයින් විශාල පිරිසකගේ දායකත්වයද මෙම කෙෘතුකාගාරයට ලැබී තිබෙනවා. 

මෙම කෙෘතුකාගාරයේ ඇති වටිනා කෙෳතුක වස්තුන් එකතුවෙන් සීමිත ප්‍රතිශතයක් සම්ප්‍රදායික කෙෘතුකාගාරයක දක්නට ලැබෙන ආකාරයට මහජනයාට ප්‍රදර්ශණය කරලා තියනවා.

නමුත් එයින් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මනා ලෙස ලේබල් ගත කරන ලද රහසිගත සේප්පු වල අසුරලා.  

වාර්තා වෙන ආකාරයට මෙම සේප්පු කෘමින් මිළියන 30කට, ශාක වර්ග මිලියන 4.5කට,  මුහුදු ජීවින් මිලියන 7කට, සහ සංරක්ෂණය කර ඇති දුර්ලභ ඡායාරූප ලක්ෂ 4කට අධික ප්‍රමාණයකට නිවෙස්න වෙලා තියනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 May 2017 22:45