May 05, 2024

චීනයේ මුස්ලිම් නම් 29ක් තහනම් කලේ ඇයි?

චීනය ස්වාධීනව තම රටෙහි පාලනය ගෙනියනවා. තමන්ට ආවේණික නීති රීති පැනවීමට ඔවුන් කිසිම අවස්ථාවක පසුබට වෙන්නේ නැහැ.

Xinjiang පළාතේ මුස්ලිම්වරුන් මිලියන 23ක් පමණ ජීවත්තේවෙනවා. චීනයේ  Xinjiang පළාතේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට අන්තගාමී හා රැඩිකල්වාදී නම් තැබීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මින් මතුවට උපත ලබන දරුවන්ට මෙම නම් තැබීම තහනම්.

ජිහාඩ්, ඉමාම්, සදාම්, අරෆට්, මුහම්මද්,මුජාහිඩ්,මෙදීනා ඇතුළු නම් 29කට ආසන්න සංඛ්‍යාවක් මෙසේ තහනමට ලක්කර ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

අසාමන්‍ය ලෙස දිගු රැවුල් වැවීම තහනම් කරමින් සහ ප්‍ර‍සිද්ධ ස්ථානයන්හි මුහුණු අවාරණ පැළඳීම තහනම් කරමින්  Xinjiang බළධාරීන් විසින් මීට පෙර තහනමක් නිකුත් කරලා තිබුණා.

 

Rate this item
(1 Vote)