May 05, 2024

අවුරුදු 20 දී කෝටිපතිනියක් වූ සුරූපිනිය

ඇය සෙන්ද්‍රයා. හොම්කමින් හා ස්පයිඩර් මෑන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන සුරූපී නිළිය ඇයයි. ඇය තවමත් 20 වැනි වියේ පසුවෙන්නේ. නමුත් ඇය තම ජිවිතයේ උපරිම තලයට මේ වනවිට පත්ව සිටිනවා. 

වෘත්තිය මට්ටමෙන් ප්‍රවීණ නිලියක් වීමටත් පෙර ඇය සුඛෝපභෝගී නිවසක  හිමිකාරිනියක් වෙලා.වර්ග අඩි 4,155 ක විහිදී ඇති මෙම දෙමහල්  නිවසේ  කාමර  5ක් සහ  නිදන කාමර 5ක් ඇතුළත්. 

කුඩා කාලයේ දුක් විඳි ඇය මෙවැනි නිවසක් පිළිබඳ දහසකුත් සිහින මවා ඇති බව සෙන්ද්‍රයා වරෙක ප්‍රකාශ කර තිබුණා. ඇගේ අලුත් නිවසේ වටිනාකම ඇමරිකානු ඩොලර් 1.4ක්. මෙය පිහිටා ඇත්තේ  ලොස් ඇන්ජලීස් නුවර. 

හොලිවුඩ් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මේ නිවසෙහි  නාන කාමර පවා කිරිගරුඬන් නිමවා ඇති බවත් සුපිරි නාන තටාක ඇතුළු සුපිරි ගනයේ උපාංග රාශියකින් එම නිවස සමන්විත බවත් ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 May 2017 21:23