May 05, 2024

ඔබ පිටකරන කාබොන්ඩයොක්සයිඩ්වලටත් ඉදිරියේදී මිලක්

ඉන්ධන ගැටලුවට විසඳුමක් හොයාගන්න ඔක්රිජ් ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන්  කිහිප දෙනෙක් සමත්වෙලා තියනවා. 2016 වසරේ ඔක්තෝම්බර් මාසේ තමයි මේ සොයාගැනීම කරලා තියෙන්නේ. 

කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් මීතේන් නිෂ්පාදනය කිරීමට ගත් උත්සාහයක් නතර වෙලා තියෙන්නේ එතනෝල් ලැබීමෙන්. එතනෝල් කියන්නේ ඉන්ධනයක්. ඔවුන් ප්‍රකාශකරන අන්දමට මේ ආකාරයෙන් ඉතාම පහසුවෙන්    ඉන්ධන නිෂ්පාදනය කරගත හැකියි. 

මෙහි විශේෂත්වය තමයි ඉතා පිරිසිදු එතනෝල් මෙම ක්‍රමවේදය හරහා ලැබීම. මෙහි පලදායිතාව 70%ක් වෙනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා අපතේ යන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවමයි. අනික මෙය නිෂ්පාදනය කාමර උෂ්නත්වයෙදීම කරගන්න පුළුවන් වීම විශේෂ වාසියක්.

අඩු පිරිවැයකින් කරගත හැකි බැවින් මහා පරිමාණයෙන් මෙය කරගන්නත් පුළුවන්. 

ඒ හැමදේටම වඩා හරිතාගාර වායු වලින් එකක් වෙන කාබන්ඩයොක්සයිඩ් මෙවැනි දෙයකට යොදාගන්න ලැබීම විශාල භාග්‍යයක්.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 May 2017 21:34