April 27, 2024

චාමර වීරසිංහගේ ගී බොහෝමයක අයිතිකරු හිමිනමක්

චාමර වීරසිංහ කියන්නේ ග්‍රාහක හදවත් සියුම්ව කම්පනය කළහැකි මනස්කාන්ත හඬ ෙපෟර්ෂයක් තියන ගායකයෙක්.  තරුණ පරපුරේ බොහොමයක් ජනප්‍රිය ගීත අතර ඔහුගේ හැම ගීතයක්ම වගේ හිනිපෙත්තේම තියනවා. මේ හඬ මේ තරම් මිනිසුන්ට දැනෙන්න ලියන්න පුළුවන් කාටද? මොහුගේ  ගීතයන්ගේ වචනවල අයිතිකාරයා කවුද කියල හොයල බලද්දී එක් විශේෂ චරිතයක් ගැන දැනගන්න ලැබුණා.ඒ තමයි       විශාරද  කවි කීර්ති හිමියන්. 

උන්වහන්සේ චාමරගේ හඬින් ගැයුණු බොහොමයක් ගී පදවල අය්තිකරුවා වුනත් මේ වන විට උන්වහන්සේ අපවත්වෙලා. උන්වහන්සේ චාමර වෙනුවෙන් ලියු ගීත අතර

දකුනේ පිං ඇති පින්බිම,
කිරිවෙහෙරට යන පාරේ,
උඩවැඩියා මළක් වෙලා,
බුදු පදවි පතාගෙන,
අමාවකට අත වනනා,
ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්නම්,
නුඹේ අතින් මල් මහලා,
මඩ සෝදාගත් පසු රජකම අරගන්න,
බුදුන් දැක නිවන් දකින්න,
මදුනාගල අහසේ,
ගුරු ගෙදරට යන පාරේ,
තණමල්විල මල් පිපුණට,
ප්‍රේමය පුද දී අවසානයි,
වැදූ අම්මා නොවුනමුත් මා,
තහනම් ගේ මලකින් මල් සුවඳ ගත්තට,
වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම,
තහනම් ගේ මලකින් මල්  වැනි ගීත සියල්ලම පාහේ අදටත් ග්‍රාහක  ගීත ඉල්ලීම් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

 

කවි කීර්ති හිමියන් ලියු තවත් බොහොමයක් ගීත ඇතිබවත් ඒවා ගායනා කිරීමට ගායකයන්ට අවස්ථාව ලැබී නැති බවත් දැනගන්න ලැබුණා. උන්වහන්සේ අපවත් වීමට පෙර උන්වහන්සේ පිලිබඳ දැනුවත් වී නම් , ලාංකේය සංගීත ෙක්ෙෂ්ත්‍රෙයට තවත් අගානා නිර්මාණ රාශියක් එකතුවෙන්නත් ඉඩ තිබුණා.

Rate this item
(1 Vote)