May 07, 2024

වසරකට පෙර වැළලුණු සමුහ ස්ත්‍රී දූෂණයක වීඩියෝ අන්තර්ජාලය කළඹයි

මීට වසරකට පෙර ගම්පොල සින්හාපිටිය ප්‍රදේශයේ  අබාධිත යුධ  හමුදා සෙබළකුගේ බිරිඳක් ඔහුගේම මිතුරන් පිරිසක් විසින් සමූහ දූෂණයකට ලක්වී තිබෙනවා. නමුත් මේ පුවත නැවත කරලියට එන්නේ ඒ  සමූහ දුෂණයේ වීඩියෝ අන්තර්ජාලයේ සැරිසැරීම හේතුවෙන්. පොලිසිය මේ සම්බන්දයෙන් විමර්ශන කටයුතු සිදුකරන අතර මේ සම්බන්දයෙන් සැකකරන්නේ එම සිද්දියට සම්බන්ද වූ  පුද්ගලයන්  දස දෙනා බව කියැවේ. 

මෙම සිදුවීමට මුහුණ දුන් ස්ත්‍රිය තම ඥාතින්ගේ මාර්ගයෙන් ඒ ආසන්නතම දිනවල මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඔවුන් දිගුකලක් රක්ෂිත බන්දනාගාර ගතවී ඇත. මේ වනවිට ඔවුන්ට ඇප ලැබීම නිසා එම කාන්තවගෙන් පළිගැනීමේ අටියෙන් මෙය කරන්නට ඇති බවට පොලිසීය සැක කරයි. එම දස දෙනාම මෙයට සම්බන්දද නොවේද යන්න විමර්ශනයා කිරීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ. 

Rate this item
(2 votes)