May 06, 2024

ශුක්‍රානුවත් වෙන්දේසියේ

සමලිංගික විවාහ පිළිබඳව මේ දවස්වල බොහෝ විට කතාවෙනවා. ඉතින් සමලිංගික කාන්තාවෝ දෙන්නෙක්ට කසාද බැඳලා දරුවෙක් හදාගන්න යද්දී එන ලොකුම ප්‍රශ්නෙට විසදුමක් දෙන්න වයස අවරුදු 40 ට අඩු පිරිමි ඔබටත් අවසථාවක් දැන් තියනවා. ඒ විතරක් නෙවෙයි කසාද බඳින්න අකමැති, ලිංගික ක්‍රියාකාරකම්වලට අකමැති ,එත් තමන්ගේම දරුවෙක් හදාගන්න කැමති කාන්තාවන්ටත් මේක වටින තොරතුරක්. ඉතින් මේ කතාව ශුක්‍රානු වෙන්දේසියක් ගැන.

ලෝකයේ ශුක්‍රානු බැංකු හෙවත් දරුවන් බිහිකිරීමට ශුක්‍රානු ලබා ගන්නා ස්ථාන බොහොමයක් තිබෙනවා. නමුත් ඔබ පිරිමියෙක් වීම පමණක් මේ සඳහා ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා ඔබ සුදුස්සෙකු විය යුතුයි. ලිංගික රෝග ( HIV, සිපිලිස්, ගොනෝරියා ) වැනි රෝග වලින් තොර වීම, යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවීම මෙන්ම ශුක්‍රානු සාම්පල මිලිලීටරයක් තුළ ශුක්‍රානු     මිලියන 60ක් පමණ තිබීමත් අනිවාර්යයි. එමෙන්ම ශුක්‍රානුවල සචලතාවය 70% ක් වීමත් සාමාන්‍ය ක්‍රියාකාරිත්වය    60% කට වඩා වැඩිවීමත් විය යුතුයි. ඔබ රුධිරගත රෝගයකින් පෙලෙන   පුද්ගලයෙක් නම් ඔබ මේ සඳහා නුසුදුසුයි. සමබල ආහාර  වේලක් හා කායික යෝග්‍යතාව හොඳින් පවත්වාගෙන යාමත් අනිවාර්යයි. 

වැදගත්ම කාරණාව වන්නේ එය විකුනන මිල ගණන් කෙසේද යන්නයි. විදෙස් රටවල ශුක්‍රානු සාම්පලයක් ලංකාවේ මුදලින් නම් රු. 7000 ත්,  රු. 14000 ත් අතර මුදලට වෙන්දේසි වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 April 2017 13:13