May 06, 2024

පැණි බීම එක්ක ආඝාතය හා ඩිමෙන්ෂියාව නොමිලේ

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික හෘද ,පෙනහළු හා රුධිර මධ්‍යස්ථානය එකාබද්ධව සිදුකරන ලද නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ කෘත්‍රිම පැණි බීම දිනපතා භාවිතා කිරීමෙන් කල්ගත වෙත්ම ආඝාතය හා ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බවයි. මේ සඳහා මොවුන් තෝරාගෙන තිබුණේ ආඝාතය රෝගයට ගොදුරු වූ ( වයස අවු 45 ට වැඩි ) පුද්ගලයන්  2888 ක් හා ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වූ ( වයස අවූ 60 ට වැඩි) පුද්ගලයන් 1848 දෙනෙක්  වේ. 

පර්යේෂණය හරහා ඔවුන් ඉහත කණ්ඩායම් දෙකේ පුද්ගලයන් මගින් 1991 සිට 2001 දක්වා කාලය තුළ කෙතරම් පැණි බීම පානය කර ඇත්දැයි යන්න සොයා බලන ලදී. එහිදී  පැණි බිම කිසිම දිනක පානය නොකරන ලද අයට වඩා දිනපතා පැණි බීම භාවිත කරන ලද අය ආඝාතය රෝගයට ගොදුරු වීමේ අවධානම තුන් ගුණයකින් වැඩිකරගෙන තියෙනවා. එමෙන්ම කෘත්‍රිම පැනි බීම පානය කළ අයගේ රුධිර  කේශ නාලිකා අවහිරතාවක් ද ඇතිවෙන බව ඔවුන් තම පර්ය්ෂණයෙන් හෙළිදරව්කරගෙන තියෙනවා. 

පැණි බීම බෝතලයක් දිනකට වරක් පානය කරන අයකුගේ ආඝාතය රෝගයට ගොදුරු වීමේ අවදානම තුන් ගුණයකින් වැඩි බවත්, සතියකට පැණි බීම බෝතල් එකේ සියට හය දක්වා පානය කරන පුද්ගලයකුගේ ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවධානම 2.6 ක ගුණයකින් වැඩිබව ද සොයාගෙන තියෙනවා. එනම් මුදලට ගනු ලබන පැණි බීම එක්කම නොමිලේම ලැබෙන ලෙඩ ගැන දැනුවත්ව සිටීම වැදගත්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 April 2017 12:18