May 06, 2024

පැණි මකුලුවකුගේ සිනමා ආගමනය

අහල තියනවද පැණි මකුළුවෝ ගැන? සයිබර් අවකාශයේ පැණි මකුළුවෝ ගැන කතාවක් ඉසුරු වීරසිංහමුදලිගේ අධ්‍යක්ෂණයෙන් හා යු.ඒ.පල්ලියගුරුගේ නිෂ්පාදනයෙන් සිනමාපටයක් විදියට ඉදිරියේ තිරගත වීමට නියමිතයි. සයිබර් අවකාශය මිනිස් සම්බන්දතා වෙනස්කරන හා බිඳ දමන ආකාරය පිළිබඳ සත්‍ය කතාවක් ඇසුරු කරගනිමින් මෙය රචනා වෙලා තියනවා. පවුලේ සියලු දෙනාට එකට  නැරඹිය හැකි සිනමාපටයක් වන මෙය පවුලේ අඹු සැමි, දෙමාපිය දූදරු  සම්බන්දතා  පිළිබඳ විසල් අවබෝධයක් ලබා දෙනවා. 

සනත් ගුණතිලක ,ආශ් අතුකෝරල, දිනෙත් ද සිල්වා, ප්‍රියෝටා ෆ්ර්ලිස් ගේ රංගන දායකත්වයෙන් හැඩවෙන " පැණි මකුළුවෝ " සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට  නිකුත් කර අවසන්. මෙම වසරේ මැයි මස 04 වනදා සිට  මෙම සිනමා පටය රස විඳීමට අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 27 April 2017 01:02