May 07, 2024

අපේ තරුණ විද්‍යාඥයෙක් ලෝකයේම දෙවැනි තැනට

ලංකාවේ පුවත්වා මවන්නේ නළු නිළියෝ විතරක්ම නෙවෙයි. අපිට ඉන්නවා හරි අපූරු දැනුම් උල්පත් ලෝකයේම අවධානය දිනා ගන්න විදියේ. 24 වන වරටත් පවත්වනු ලැබූ ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී කොළඹ නාලන්දා විද්‍යාලයේ  10 වසරේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා ලෝකයේ දෙවන ලාබාලතම තරුණ  විද්‍යාඥයා   ලෙස රිදී පදක්කමක් දිනාගත්තා. පාරසරික විද්‍යා අංශයෙන් මොහු මෙම ජයග්‍රහණය කර ඇත්තේ විවිධ පරිසර තත්වයන් හේතුවෙන් ගස්වල පරාග මත තැන්පත්වන වායු දූෂක මගින් ඇදුම රෝගය තීව්‍ර වන බව සොයා ගැනීම උදෙසා.

රුසියාව, ජර්මනිය, ප්‍රංශය වැනි ප්‍රබල රටවල් 40 ක පමණ තරගකරුවන් 300 කගෙන් පමණ මොහු ජයග්‍රහණය කර තිබීම අපිට නිහතමානීව සතුටු වෙන්න පුළුවන් අවස්තාවක්. මොකද මේ තරඟය සඳහා ලංකාවෙන් තරඟකරුවකු සහභාගී වී ඇත්තේ ප්‍රථම වතාවට. මේ සඳහා ඔහුට අවස්ථාව සැලසී ඇත්තේ 2016-2017 වසරේ ලංකාවේ ජාතික විද්‍යා පදනම මගින් පවත්වන ලද හොඳම තරුණ  විද්‍යාඥයා තේරීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම හේතුවෙන්.

ජර්මනියේ ස්ටුවර්ට් ගාර්ඩ් නුවරදී පසුගිය 16 වැනිදා සිට 21 දක්වා සතියක් පුරාවටම තමයි මේ සමුළුව පවත්වලා තියෙන්නේ. ජාත්‍යන්තර මහාචාර්යවරයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කර ඇති බව සඳහන් වෙනවා.

Rate this item
(0 votes)