May 06, 2024

ප්‍රන්ශයේ වෙන්න ජනපති Emmanuel Macrone ගේ බිරිය ඔහුගේ පාසල් මිතුරියකගේ මවක්

39 හැවිරිදි Emmanuel Macron ප්‍රන්ශයේ ජනපති ලෙස ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. නමුත් මේ දිනවල ඔහු කරළියට එන්නේ ඒ සම්බන්ද කතාබහකින් නම් නෙවෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට ඔහුගේ විවාහය ආන්දොලනාත්මක හා සිත් ඇදගන්නා සුළු ආදර අන්දරයක අවසාන ප්‍රතිපලයක්ලු. ඔහු විවාහ කරගෙන තියෙන්නේ ඔහුට වඩා වසර 29 ක් වැඩිමහල් ස්ත්‍රියක්. ඒ විතරක් නම් කමක් නෑ, ඇය ඔහුගේ උසස් පාසලේ ගුරුවරියක්. තව අපුරු දෙයක් වෙන්නේ ඇයගේ දෙවැනි දියණිය හා ඔහු එකම පාසලේ එකම පන්තියේ හොදම මිතුරන් වීමයි. 

ඇය Brigitte Trogneux .මේ වනවිට ඇය 64 වැනි වියේ පසුවෙනවා. Macron ගේ වයස 17 දී ඔහු ඇයට විවාහා යොජනාවක් ගෙන විත් ඇති බව පැවසුනත් ඔවුන්ගේ ආදර අන්දරයේ ආරම්භය ගැන කිසිම තොරතුරක් පැවසීම ඔහු ප්‍රතික්ෂේප කරනවා. Macron ගේ පවුලේ සියලුම දෙනා මෙම විවාහයට අකමැත්ත ප්‍රකාශ කර සිටියද Brigitte ගේ වැඩිමහල් දරුවන් තිදෙනාගේ ආශිර්වාදය මොවුන්ට ලැබී තිබීම විශේෂත්වයක්.

මේ වනවිට ප්‍රන්ශ ජනතාවගේ වැඩිම ප්‍රසාදය දිනාගෙන සිටින Emmanuel Macron ඉදිරි ජනාධිපති ලෙස පත්වීමේ වැඩි ඉඩක් ඇතිබව එරට මාධ්‍ය මත පලකරනවා.
 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 April 2017 14:08