May 07, 2024

පියුමිගේ ෆොටෝ එකක් නිසා ඉන්දියාවේ කතාබහක්

පියුමි හංසමාලි කාලෙන් කාලෙට එක එක පුවත් මවනවා. පියුමි මේ සැරේ ඉන්දියාවෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා අවසන්.

ඒ පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු ෆේස්බුක් පිටුවක් වන Laughing Colours ෆේස්බුක් පිටුවේ පලවීම හේතුවෙන්. මෙම පිටුවට මිලියන 27කටත් අධික ලයික්ස් ප්‍රමාණයක් තිබෙනවා. 

පියුමි හංසමාලි, විශ්ව පෙරේරා කියන රූපලාවන්‍ය ශිල්පියෙක් එක්ක ඉන්න පින්තූරයක් මේ විදියට එම ෆේස්බුක් පිටුවේ පලවෙලා. 

ඒ ඡායාරූපයට යටින් ‘සහෙර් හේ කිසි සේ පාස්‘ යැයි හින්දි භාෂාවෙන් යම් වැකියක්ද සටහන් කරලා තිබුණා. ඒකේ සිංහල තේරුම ‘‘කවුරු හරි ළඟ වස තියනවද‘‘ කියන එකයි.

ඉන්දියාවේ බොහෝ දෙනා හිතලා තියෙන්නේ මෙයාලා පෙම්වතුන් කියලයි.

18118607_10155799193419578_389664435816855471_n

Rate this item
(0 votes)