May 05, 2024

පැයක් ඇතුළත පොලීතින් විනාශ කරන දළඹු විශේෂයක් 

පැයක් ඇතුළත පොලීතින් මල්ලක් ආහාරයට ගෙන විනාශ කළ හැකි දළඹු විශේෂයක් පොලීතින් සහ ප්ලාස්ටික් වියෝජනය සඳහා යොදා ගැනීමට බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැලේරියා මෙලොනෙල්ලා නැමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම දළඹු විශේෂය ප්ලාස්ටික් වියෝජනය කරන රසායනික ක්‍රියාවලිය පිළිබදව ද එම විද්‍යාඥයන් මේවන විට අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ. 

පොලිතින් මළු, ආහාර දවටන ඇතුළුව ලොව පුරා වසරකදී එක්රැස් වන පොලීතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 80 ඉක්මවයි. 

මුළුමනින්ම වියෝජනයට වසර 100 ගණනක් ගතවීම හේතුවෙන් පොලීතින් පරිසර දූෂකයක් ලෙසයි සැලකෙයි.

Rate this item
(0 votes)