May 05, 2024

ඡායාරූප සම්ප්‍රදායේ වෙනසක් - ප්‍රථම ජංගම දුරකතන ඡායාරූප ප්‍රදර්ශනයක් 

ජංගම දුරකතනයක් යන වචනයෙන් අප එදිනෙදා කතා කරන සහ පොකට්‍ටුවේ දමාගෙන යන දුරකතනයක් මතක් වන මුත් එයින් ඔබ්බට යමින් ජංගම දුරකතන කැමරාවක් භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලාංකීය තරුණයෙක් මේ දින වල කටයුතු කරගෙන යන බව අපට දැනගැනීමට ලැබුණි.

ප්‍රතිග්‍රහණය ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනයේ විශේශත්වය වන්නේ ජංගම දුරකතන කැමරා මගින් මෙම ප්‍රදර්ශනයේ සියලුම ඡායාරූප ‍රැගෙන තිබීමත්, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජංගම දුරකථන කැමරාවක් භාවිතයෙන් ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනයක් පවත් වන ප්‍රථම වතාව ද මෙය වීමත් ය.

එම ඉතිහාසගත අවස්තාව ඔබ වෙත ගෙන එන තරුණයා අමිල සී. කුමාරසිංහ වේ. මීට පෙර 2016 වසරේදී ඔහු විසින් ජංගම දුරකතන භාවිතයෙන් තැණුනු "පරාමිතික" නම් වූ කෙටි චිත්‍රපටය ද ප්‍රංශයේ දී ජනප්‍රියතම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනිද්දී එම කෙටි චිත්‍රපටය ද ශ්‍රී ලාංකීය ඉතිහාස පොතට එක් වන්නේ එදා මෙදා තුර ජංගම දුරකතන භාවිතයෙන් කල කෙටි චිත්‍රපටයක් ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ පළමු අවස්තාව එය ලෙසත්, ලාංකීය චිත්‍රපටයක් වැඩිම ජනතා කැමැත්තෙන් සම්මානයට පාත්‍ර වූ එකම අවස්තාව ලෙසත් ඉතිහාස ගත වේ. 

එය හොඳම කෙටි චිත්‍රපටය, ජනප්‍රියතම කෙටි චිත්‍රපටය ඇතුලු සම්මාන 3ක් දේශීය හා විදේශීයව ජයග්‍රහනයට පාත්‍ර වූ අතර අවසන් වටයට නිර්දේශ වීම් 9කට විදේශීය සිනමා උළෙල නියෝජනය වීමක් ද වී ඇත.

ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයත් මෙය වන අතර ඔබට මෙම ප්‍රදර්ශනය මැයි 12-13-14-15 යන දින වල ජේ. ඩී. ඒ. පෙරේරා ගැලරියේ දී ඔබට නොමිලේ දැකබලාගත හැකි වනු ඇත. 

මෙම ඡායාරූප ප්‍රදර්ශනය පිළිබඳව තැනූ වීඩියෝව පහතින්,

Rate this item
(3 votes)
Last modified on Thursday, 20 April 2017 13:49