May 07, 2024

කුණු කන්ද නායයෑමට කළින් ඉව වැටිලා - ජනතාව කී අමුතු කතාව 

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමට පැයකට පෙර සිටම ඒ අවට නිවෙස්වල ඇතිකරන සහ අයාලේ යන සුනඛයින් මහ හඬින් බුරමින් කලබලයට පත්ව එම ස්ථානයෙන් පැනයාමට පටන්ගත් බව ප්‍රදේශවාසීන් කියා සිටියි.

නිවාසවල දම්වැල්වලින් බැඳ සිටි සුනඛයින් දම්වැල් කඩා බිඳ දමමින් පැනයාමට උත්සාහ කළ බව පැවසූ ප්‍රදේශවාසීන් අවට සිටි සුනඛයින් වේගයෙන් ප්‍රදේශය හැර ගොස් ඇති බවත් සඳහන් කළා.

කන්ද කඩාවැටී පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව සුනඛයින් යළිත් කන්ද ආසන්නයට පැමිණ තිබෙනවා.

Rate this item
(0 votes)