May 08, 2024

ඔබේ ෆේස්බුක් ගිණුමත් අත්හිටුවයිද? ‍ෆේස්බුක් අලුත්ම නීතිය මෙන්න

ෆේස්බුක් සමාගම විසින් වීඩියෝ හා ඡායාරූප සඳහා නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ෆේස්බුක් හරහා හුවමාරු වන අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නතර කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන ඇත. යම් කිසි පුද්ගලයෙකුගේ අකමැත්තකින් ඔහුගේ හෝ ඇයගේ අසභ්‍ය වීඩියෝ පටයක් හෝ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක් හරහා හුවමාරු වුවහොත් ඒ පිළිබඳව ඔහුට හෝ ඇයට කඩිනමින් ෆේස්බුක් සමාගමට වාර්තා (Report) කළ හැකි වේ. එහිදී අදාළ කටයුතු සිදුකිරීමට පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් විසින් අදාළ ඡායාරූප සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන අතර ඒවා ඉවත් කිරීමට කඩිනම් පියවර ගනී.

මේ අතර එවැනි අවස්ථාවල අපහසුතාවයට පත්වූ පාර්ශවය පිළිබඳව සලකා බලා අදාළ ඡායාරූප හුවමාරු වන ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමද සිදුවිය හැකි බව ෆේස්බුක් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

දැනට අන්තර්ජාලයට එක්කර ඇති අසභ්‍ය ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ පටද මේ වනවිට ෆේස්බුක් සමාගම විසින් හඳුනාගෙන ඇති අතර අදාළ ක්‍රමවේදයට අනුව එවැනි දෑ ෆේස්බුක් ගිණුම් හරහා හුවමාරු කිරීමටද අවසර නොමැති බව විදෙස් මාධ්‍ය ඔස්සේ වැඩි දුරටත් සදහන් කර ඇත.

Rate this item
(2 votes)