May 02, 2024

සියලු පහසුකම් අතහැර විශ්‍රාම ගිය මාතලේ දිසාපතිවරයා බස් රියෙන් ගෙදර යයි

පුරා වසර 33 ක රාජ්‍ය පරිපාලන සේවය නිමා කරමින් මාතලේ දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ඊයේ (03) සේවයෙන් විශ්‍රාම ගත්තේය.

ඩී.පී.ජී. කුමාරසිරි මහතා මාතලේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ලේණන නිල රථයද ඇතුළු සියළු රාජකාරී කටයුතු අංශ ප‍්‍රධානීන් වෙත බාර දීමෙන් පසු සිය කාර්යාලයේ සියළු නිලධාරීන් සමග සුහද හමුවක්ද පවත්වා පා ගමනින් බස් නැවතුමට ගොස් බස් රියක නැගී නිවස බලා පිටත්ව ගොස් තිබේ.

ඔහුගේ නික්මයාම පිළිබඳව බොහෝ දෙනෙකු කතා බහ කරන්නට වූයේ වෙනත් රජයේ ඉහළ නිලධාරීන් නික්ම යනවාට වඩා වෙනස් ආකාරයෙන් ඔහු නික්ම ගිය නිසාවෙනි.

නික්මයාම පෙර ඔහු කාර්යාලයේ සේවකයින් අමතා පවසා සිටියේ තමන්ට සේවා කටයුතු කරගෙන යාමේදී උදව් උපකාර දුන් සියළු දෙනාට ස්තූතිවන්ත වන බවයි.

එමෙන්ම ඇතැම් රජයේ නිලධාරීන් ඔවුන්ගේ සේවා කාලය අවසන් වූ විට සේවා දිගුවක් ඉල්ලා සිටින මෙවන් යුගයක සේවා කාලය අවසන් වීමට පෙරම අස්වීමේ ලිපිය ඉහළ නිලධාරීන්ට භාරදීමට කටයුතු කළ මෙවැනි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ජනතාව ප්‍රශංසාවෙන් කතා කළේය.

Rate this item
(0 votes)