May 02, 2024

සිංහල අලුත් අවුරුදු නැකැත් 

සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර

නව සඳ බැලීම

2017 ක් වූ මාර්තු මස 30 වන බ‍්‍රහස්පතින්දා ද අප්‍රේල් මස 28 වන සිකුරාදා ද නව සද බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 12 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලූත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 02.04 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ‍්‍රහස්පතින්දා අපරභාග 7.40 සිට 14 වන සිකුරාදා පූර්වභාග 08.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන බ‍්‍රහස්පතින්දා දින අපරභාග 7.40 ට පලමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 14 වන සිකුරාදා දින පූර්වභාග 02.04 සිට පූර්වභාග 08.28 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත‍්‍ර ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 05.41 ට රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරි බතක් සහ අග්ගලා සහ කැවිලි ආහාරයක් පිලියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 07.05 ට සුදු සහ නිල් මිශ‍්‍ර වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සෙනසුරාදා උදේ 11.04 ට නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳපත්ද තබා නුගපත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්ෂා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වන සඳුදා උදේ 06.28 ට සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී, දීකිරි සහ ගිතෙල් මිශ‍්‍ර කිරි බත් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

 

Rate this item
(0 votes)