May 02, 2024

මෙවර අවුරුදු නැකත් ජනතාවට හා පාලකයන්ට ඉතාම අහිතකරයි

නැකත් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙවර සිංහල අවුරුදු නැකත්වල තදබල දෝෂ ඇතැයිද එය රටට, ජනතාවට හා පාලකයන්ට ඉතාම අහිතකර බලපෑම් ඇති කරන බව ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදීහූ රැසක්‌ පැවසූහ.

කොළඹ 07, පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවති ජ්‍යොතිෂ සම්මන්ත්‍රණයකදී ඔවුහු මේ බව සඳහන් කළහ. 

රජය වහාම මෙය නිවැරදි කළ යුතු බවත් එසේ නොවුණහොත් එහි අනිටු ප්‍රතිඵල සමස්‌ත ජනතාවටම විඳින්නට සිදු වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එක්‌සත් ජ්‍යොතිෂවේදී පෙරමුණ මඟින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට ආචාර්ය ඊ. එම්. ගුණපාල, ආචාර්ය පියසේන රතුවිතාන, ම. ලි. සුගතදාස, හර්ෂ ධර්මප්‍රිය, මීගොඩ ධර්මසේන, චමත් කොතලාවල, රෝහණ ගමගේ, රහත් ගාමිණී ලියනාරච්චි ආදී ප්‍රවීණ ජ්‍යොතිෂවේදීහු රැසක්‌ සහභාගි වූහ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 31 March 2017 12:09