May 02, 2024

මර්වින් මෝදි වෙසින් චව් චව්ට අදී

හේවා කෝපරගේ මර්වින් සිල්වා මෑතකාලීන ශ්‍රී ලංකික දේශපාලන පිටියේ පෙරළිකාර තරගකාර චරිතයකි. ඔහුගේ ඉතිහාසය කෙතරම් දුරට දිවයන්නේද යත් තුන් සිංහලය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජුට පවා සමීප නෑකම් ඇති බව ඔහු කියයි. පසුගිය සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ චරිතවලට පණදුන් ඔහු හදිසියේම මෙම චරිත සියල්ල අතහැර දේශපාලන වේදිකාවට සමුදී ඇත. එය සදාකාලිකද තාවකාලිකද කියා තවම අපි නොදනිමු.

නමුත් ඔහු දැන් වෙනත් වේදිකාවකට නැග හමාරය. එහි ප්‍රධාන චරිතයද හිමි කරගෙනය. ඒ අසංග විජේරත්න අධ්‍යක්ෂණය කරන දොස්තර හොඳ හිත නාට්‍යයේ චව් චව් චරිතයටය. චව් චව් මෙරට රසික පරපුරේ හදවත් තුළ පැළපැදියම් වූයේ ටයිටස් තොටවත්ගේ දොස්තර හොඳ හිත කාටුන් මාලාව ඔස්සේය.

මේ වන විට මර්වින් සිල්වාගේ මුහුණ පුරා සුදු රැවුල වැවී ඇති අතර එයින් ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රුවට සමානකමක් දක්වන බව බොහෝ දෙනා කියති.

කෙසේවුවද මර්වින් සිල්වා මේ වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට යයි. ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහස් සහිත වීඩියෝවක් පහතින් 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 March 2017 12:51