April 27, 2024

මව බිලිගත් තැනදීම දියණිය හා මිණිපිරියද බිලිගත් අවාසනාවන්ත කඳුලු කතාව

පසුගිය 18 වනදා මොරටුව එගොඩ උයන බස්නැවතුමේ සිටියදී බස් රථ අනතුරකින් තිදෙනකු මියගිය පුවතක් සම්බන්ධයෙන් වාර්තා වුණි. මේ වන විට එලෙස මියගිය අයගේ අවසන් කටයුතු සිදු කිරීමට සැරසෙන අතර සිද්ධියෙන් එකම පවුලේ මව හා දියණියකද මියගොස් තිබුණි.

අනතුරට හේතුව රේස්ගිය බස්රථයක් වූ අතර එම බස්රථය පාරේ තිබූ ලොරියක ගැටී තිබුණු අතර බස් රථය පැමිණි වේගය නිසාම ලොරිය නතර වී තිබුනේ බස් නැවතුමේ සිටි තිදෙනෙකුටද ජීවිත අහිමි කරමිනි.

පවුලේ බාලම සහ එකම දියණිය නෙත්මි දිලූක්ෂා (13) ගේ අකල් වියෝව මෙන්ම ඇයගේ මව වූ  දීප්ති මංජුලාට මෙවන් අකල් මරණයට ගොදුරු වේ යැයි නිවැසියන් කිසිවෙකු සිතන්නට නැත.

දීපත් සමඟින් ඇයගේ දියණිය අනතුරකින් මියගිය සිද්ධිය පිළිබඳව වාර්තා වෙද්දී බොහෝ දෙනෙකු කතාකළ දෙයක් තිබුණි. ඒ මීට වසරකට පෙර දීප්තිගේ අම්මා කහ ඉර පනිද්දී යතුරුපැදියක ගැටී මියගියේද අද දීප්තිත් නෙත්මිත් අනතුරට පත්වූ ස්ථානයේදී බව පවසමිනුයි.

එලෙස ඇතැමුන් අතීතයේ අමිහිර මතකද යළි අවදි කරද්දී දීප්ති එදා ගොස් තිබුණේ තමන්ගේ අම්මාගේ අවුරුද්දේ දානමය පුණ්‍යකර්මය යෙදී තිබුණේ මාර්තු 20 වන දිනට දානයට අවශ්‍ය පොල් ගෝනියක්ද රැගෙනයි.

ඒ පිළිබඳව සැමියා මෙලෙසින් කියා තිබුණි.

''එයා බඩු අරගන්න එන මොරටුවෙ කඩේ ළඟට වෙලා මං බලා හිටිය ත‍්‍රිවිල් එකත් තියාගෙන. පරක්කු වෙන කොට මං අක්කලගෙ ගෙදරට ආව බලන්න. එතකොට අක්කලට ආරංචි වෙලා මෙහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා කියල. මෙයයි ළමයයි ගිය හින්ද නිකමට ඇවිත් බලන්න හිතුනලූ එතකොට තමයි මේක දැනගෙන තියෙන්නෙ. 20 දාට අම්මගෙ අවුරුද්දෙ දානෙ ළමා නිවාසෙකට දෙන්නයි ගියේ. දැන් ඉතින් අපිට වෙන්නෙ ඒ දෙන්නගෙ දානෙ දෙන්න නේද දෙයියනේ.

අනේ අපේ අහිංසක කෙල්ල. අතක්පයක් කැඩිල ඉතුරු වුණා නං කමක් නෑ. මේ ගෙයි වහලෙට නැගල ගෙවල් පේළියේ වහලෙ දිගේ අපේ ගේ ගාවටම යනව. ලොකු නැන්දෙ බය වෙන්න එපා කියනව. කොල්ලෙක් වගෙයි කිසිදේකට බය නෑ. අනේ අපිට හිටිය ලස්සන දරුව. දැන් ඉතින් සේරම ඉවරනේ"

මෙවන් සිදුවීමකට ඔවුන් මුහුණ දුන්නේ අපරික්ෂාකාරී ධාවනය නිසාවෙන් ඔබට බොහෝ දෙනෙකු පවසන අතර රුපියලක් දෙකක් වෙනුවෙන් මෙලෙසින් ජීවිත අවධානමේ තබන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව කාගේත් මතයයි.

Rate this item
(1 Vote)